ස්ටොක්ස් උපන් රටේ සම්මානය ප්‍රතික්ෂේප කරයි

මෙවර ලෝක කුසලානයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ක්‍රීඩකයා වුණේ එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ස්.
මේ නිසාම බෙන්ස්ටෝක් හට තම උපන් රට වූ නවසීලන්තයෙන් සම්මානයක් පිරිනැමීමට තීරණය කෙරුණා.
ඒ වසරේ නවසීලාංතිකයා සම්මානයයි.
තව තියෙනවා පහලටම යන්න නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් ස්ටොක්ස් පවසා ඇත්තේ තමන් මෙම සම්මානය සඳහා නිර්දේශ කිරීම පිළිබඳව තමන් සතුටු වුවත් මෙම සම්මාය තමන් භාර නොගන්න බවයි.
මේ අතර මෙම සම්මානය සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා නවසීලන්ත නායක කෙන් විලියම්සන් බව ඔහු පවසා තිබෙනවා.
28 හැවරිදි බෙන් ස්ටොක්ස් නවසීලන්තයේ උපත ලැබුවද ඔහුට වයස 12 දී ඔහු එංගලන්තය බලා සංක්‍රමණය කර තිබෙනවා.
මේ නිසාම ඔහු පවසන්නේ තමන් එම සම්මානය ලබාගතහොත් තමන් සමග කිසිවෙකුත් එකඟ නොවනු ඇති බවයි.
"මම එංගලන්තයට ලෝක කුසලානය ගන්න උදව් කළා.මගේ ජීවිතේ බැඳිලා තියෙන්නේ මහා බ්‍රිතාන්‍යය එක්ක."
අවසාන වශයෙන් ස්ටොක්ස් මාධ්‍ය අමතා එලෙස සඳහන් කළා.
සහන් දහනායක
ස්ටොක්ස් උපන් රටේ සම්මානය ප්‍රතික්ෂේප කරයි ස්ටොක්ස් උපන් රටේ සම්මානය ප්‍රතික්ෂේප කරයි Reviewed by piyumantha dissanayaka on July 24, 2019 Rating: 5

No comments:

Powered by Blogger.