ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව කලක් ලොව අංක 1 එක්දින පන්දු යවන්නා ලෙස පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකු වූ නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
නුවන් කුලසේකරගේ ඇරඹුම
කුලසේකර මුදියන්සේලාගේ දිනේෂ් නුවන් කුලසේකර 1982 ජූලි මස 22 වන දා ගම්පහදී උපත ලැබීය.
ගම්පහ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ පාසල වූයේ ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයයි.
බණ්ඩාරනායක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ නුවන් කුලසේකර, පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නෙකු ලෙස වසර 14ක් පමණ ක්‍රීඩා කළේය.
ඔහු පාසල් දිවියෙන් පසුව කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එක්ව ක්‍රීඩා කළ අතර ඉන්දියාවේ චෙන්නායි සුපර් කිංග්ස්, එංගලන්තයේ සසෙක්ස් ආදී කණ්ඩායම් ද නියෝජනය කරමින් දක්ෂතා දැක්වූවෙකි.
තව තියෙනවා පහලටම යන්න ක්‍රිකට් දිවියේ සන්ධිස්ථාන
2003 වසරේ නොවැම්බර් 18 වන දා එංගලන්තය සමග පැවති එක්දින තරගයට ක්‍රීඩා කරමින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය.
ඔහු තමන් සහභාගි වූ එම පළමු තරගයේදී ම පන්දු වාර 9ක් යවමින් ලකුණු 19ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.
2009 වසර වන විට නුවන් කුලසේකර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටියේය.
ඔහු සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වූයේ 2005 වසරේදී නවසීලන්තයට එරෙහිවය. 2014 වසරේදී සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වූ නුවන් ටෙස්ට් තරග 21 කට ක්‍රීඩා කර තිබේ.
2008 වසරේදී සිය පළමු පන්දු වාර 20 තරගයට සහභාගි වූ ඔහු 2017 වසර වන තෙක් එම තරග 58කට ක්‍රීඩා කර තිබිණි.
දක්ෂතා
2003 වසරේ සිට 2017 වසර දක්වා වසර 14ක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි නුවන් කුලසේකර එක්දින තරග 184කදී කඩුලු 199ක් බිඳ හෙළා තිබේ.
ඔහු පිතිකරුවෙකු ලෙස ද දක්ෂතා දක්වමින් එක්දින ක්‍රිකට් තරගවලදී අර්ධ ශතක 4ක් ද වාර්තා කර ඇත.
එක්දින තරගවලදී ඔහුගේ හොඳ ම පන්දු යැවීම සටහන් වන්නේ, ලකුණු 22කට කඩුලු 5ක් ලෙසය.
ටෙස්ට් ක්‍රිකට් තරග 21කදී කඩුලු 48ක් බිඳ හෙළා ඇති ඔහු පන්දු වාර 20 තරග 58කදී බිඳ හෙළූ කඩුලු සංඛ්‍යාව 66කි.
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරා ගැනුණු ශ්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර ඇතුළත් නොකළේ මන්දැයි මාධ්‍යවේදීන් කළ විමසුමකට තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ප්‍රශ්න කළේ, "ඔහු දැන් ක්‍රිකට් ගහනවා ද?" යනුවෙනි.
එම ප්‍රකාශය හේතුවෙන් නුවන් කුලසේකර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ද ඇති විය.

සමුගැනීමට තීරණය කළ ලෝකයේ අංක එකේ ක්‍රීඩකයා 'කුලේ' පෑ දස්කම් මෙන්න
Reviewed by piyumantha dissanayaka
on
July 24, 2019
Rating:

No comments: