එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවයි
සහස්ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මහින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශ සළකා බලා මෙම තීරණය ගත් බව ඇමතිවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවකදීය.
එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවයි
Reviewed by Kalum
on
February 28, 2020
Rating:
No comments: