මුදල් නොදුන් නිසා තම මවට පහර දී ඝාතනය කරන්න හැදුව නරුම පුතුට අවසානයේ අත් වූ ඉරණම
පොල්ලකින් ගහලා දත් කඩලා......
ගෑස් ලීක් කරලා මරන්න හදලා......
නිවසේ අයිතිය ලබා ගැනීම සඳහා හැත්තෑ දෙහැවිරිදි තම මවට පොල්ලකින් පහරදී තුවාල සිදු කොට ගෑස් කාන්දුකර පුළුස්සා දැමීමට තැත්කළ පුතෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට ගිනිකුරුන්ද කන්දේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තාවන්නේ.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ සැකකරු මෙම කාන්තාව කුඩාකල සිට හදා වඩාගෙන ඇති අතර පසුව පානදුර ප්රදේශයෙන් විවාහවී සිටින බවයි.සැකකරු විශාල වශයෙන් ණය වී ඇති අතර එම ණය මුදල් ගෙවීම සඳහා මවගෙන් මුදල් ඉල්ලා ඇති බවත් මුදල් නැති බව පැවසීම නිසා ගෙය සහ ඉඩම ලියාදෙන ලෙස ඉල්ලා ඇති බවත් මව එයට අකමැතිවී ඇති බවත් අනාවරණය වී තිබෙනවා. පසුව සැකකරු මවට පොල්ලකින් පහරදී දත් කඩා, පහරදී ගිනිගෙන ඇති බව හැඟවීම සඳහා ගෑස් කාන්දුකර ගිනිතබා මැරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ඇයගේ කෑගැසීමට අසල්වාසින් පැමිණ ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකරු ඊයේ (19) වැනිදා ගාල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ගාල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපතිද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් නිශාන්ත, උප පොලිස් පරීක්ෂකවරුන් වන එම්. නිමල් උමයංග, සැරයන් බණ්ඩාරිගොඩ (58971*, කොස්තාපල් නිශාන්ත (58517* යන මහත්වරුන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.
මුදල් නොදුන් නිසා තම මවට පහර දී ඝාතනය කරන්න හැදුව නරුම පුතුට අවසානයේ අත් වූ ඉරණම
Reviewed by Kalum
on
February 19, 2020
Rating:
No comments: