වසර 2175ක් පැරැණි කඩොල් ඇතුගේ දළ යුගල මෙන්න

March 23, 2020


අතීත යුද සටන්වලදී හීලෑ කළ සතුන් විවිධ යුද කටයුතු සඳහා යොදා ගැනීම ප්‍රමුඛ විය. රහස්‍ය පණිවුඩ හුවමාරු කරගැනීම පිණිස පක්ෂීන් යොදාගෙන තිබිණි. පක්ෂීන් දූතයා කරගනු ලැබූ සන්දේශ කාව්‍යය කිහිපයක් (සැළලිහිණි, ගිරා, කොවුල්, හංස, පරෙවි) ගම්පොළ යුගයෙන් පසුව ලියැවෙන්නේ ඒ අතීත පරිචයට සාහිත්‍යමය මුහුණුවරක් එක් කරමිනි.

අතීත යුද සටන්වලදී අශ්වයන්ටද විශේෂ තැනක් හිමි වූයේ චතුරංගනී සේනාවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ නිසාය. ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාවේ ඉදිරි පෙළ හා ශක්තිමත්ම අනුඛණ්ඩය වූයේ ඇත් සේනාවය. මෙරට අතීත යුද කටයුතුවලදී ඇත් අස් සේනාවන්ගේ දායකත්වය පිළිබඳ වංශකථාවේ සඳහන් වුවද මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදි සත්වයන් අතරින් වංශකථාවේ නාමිකව සඳහන් වන පළමු සත්වයා ලෙස හඳුනාගත හැක්කේ දුටුගැමුණු රජුගේ රාජකීය හස්තියා වූ කඩොල් ඇතුය.

ලක්දිව වීර සත්ව පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්ති සහගත වන්නේ අදින් වසර 2175කට පෙර පැවැති මෙරට ප්‍රථම නිදහස් සටනේදී ලක්දිව ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ නිසාය.මහාවංසයට අනුව කඩොල් ඇතා යනු ගැමුණු කුමාරයා වෙනුවෙන්ම ඉපදුණු මංගල හස්ති රාජයෙකි. මහාවංශයේ එන පරිදි,

“ඒ බිසව් සුදුසු කළ පින්වත් උතුම් පුතෙකු වැදුවාය. රජ කුලෙහි මහත් ආනන්දය ද විය. ඒ කුමරහු පුණ්‍යානුභාවයෙන් එදවස් නා නා රත්නයන්ගෙන් සම්පූර්ණ නැව් සතෙක් ඒ ඒ රටින් අවුය. එම කුමරහු පින් තෙදින් ඇතෙක් තෙමේ ජද්දන්ත කුලයෙන් ඇත් පැටවෙකු ගෙනවුත් මෙහි තබා පලා ගියේය. තොට විල්තෙර පඳුරු අතුරෙහි සිටියාවු ඒ ඇත් පැටවා දැක කණ්ඩුල නම් බිලිවැදි රජහට දැන්වීය. එකෙණෙයි රජතෙමේ ඇතුන් බඳනවුන් යවා ඒ ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවීය. කණ්ඩුල නම් තැනැත්තහු විසින් දුටු හෙයින් ඒ ඇත් කණ්ඩුල නම් වී. ” (මහාවංසය. පරි -22, ගාථා- 59-63)

මහාවංසයේ එන එම විස්තරය අනුව කණ්ඩුල ඇතු හමු වූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කලපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලාගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්‍රවාදගත මතයයි. එසේම ඇත්පැටවා අල්ලාගැනීමට හැකි වුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු භාරයක් වූ බවත් එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්‍යය ඉදි කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම චෛත්‍යය වර්තමානයේද කණ්ඩුල චෛත්‍යය ලෙස හැඳින්වීම මඟින් එම ජනප්‍රවාදයන්ගේ සත්‍යතාව වඩාත් තහවරු කරයි.

වංශකථා ප්‍රකාරව එළාර රජු සමඟ යුද වැදීමට අකැමැති වූ කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැවීම නිසා රාජ උදහසට ලක් වූ ගැමුණු කුමරු රජ මාලිගයෙන් නික්මී එළාර රජුගෙන් රට මුදාගැනීමට සේනා රැස් කරන්නට විය. එම කාලයේ දී කාවන්තිස්ස උකුත් විය. සහෝදර තිස්ස කුමරු පිය රජුගේ ඇවෑමෙන් කණ්ඩුල ඇතුගේ භාරකාරත්වය හිමි කරගත්තේය.

පසුව හේ තම සොයුරාට බියෙන් මෑණියන් හා කඩොල් ඇතුද රැගෙන දිගාවැවට ගිය වග මහාවංසයේ පැනේ. ගැමුණු කුමරු කඩොල් ඇතු හා මෑණියන් තම භාරයට ලබාදෙන ලෙස තම සහොදරයාට හසුන් යැවුවද යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඔහුට විරුද්ධව යුද්ධයකට එළැඹුණේය. වර්තමාන යුධගනාව දැගැබ අසලදී වූ බව කියැවෙන එම සහෝදර සංග්‍රාමයෙන් පසු කඩොල් ඇතු ගැමුණු කුමරු යටතට පත් විය. ජනවහරට අනුව තිස්ස කුමරු පැරදී පලා යද්දී කඩොල් ඇතු ගැමුණු කුමරුට නමස්කාර කළේය. ඒ සමඟ ඔහුට මංගල හස්තියාගේ පක්ෂපාතිත්වය හිමි විය. එය රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින්වේ.

අනුරාධපුර ඉතිහාසයේ සූරතිස්ස රජුගෙන් පසු ද්‍රවිඩ පාලකයන් වෙත රජරට පාලන බලය හිමි විය. සේන හ ගුත්තික යන ද්‍රවිඩ පාලකයන් වසර 20ක් ද, අසේල රජු වසර 16ක් ද ඉන්පසු එළාර රජු වසර 40ක් ද ලෙස වසර 76ක් ද්‍රවිඩ පාලකයෝ මෙරට පාලන බලය ගෙන ගියහ. යුද විරෝධී සාමකාමී රාජ ප්‍රතිපත්තියක් අනුගමනය කළ කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ලක්දිව එක්සේසත් කර බුදුදහම නඟා සිටුවීමේ මෙහෙවර භාරගත් ගැමුණු කුමරුට එළාර රජු පැරදවූ දැවන්ත සටනේදී කඩොල් ඇතුගෙන් ලැබුණු සහාය මහාවංසයේදී ඉතා උත්කර්ෂවත් ලෙස අගය කර තිබේ. මහාවංසයේ 23 වන පරිච්ජේදයේ ආරම්භයේදීම කතුවරයා කඩොල් ඇතු හඳුන්වා ඇත්තේ,

“ ඒ කඩොලැත් තෙමේ බල ලක්ෂණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද අග්‍ර වූයේ මහා කඳ ඇත් විය. ” (මහාවංසය. පරිඃ23, ගාථාඃ 1,2)

තවදුරටත් කඩොල් ඇතුගේ වීර ධීර ගුණාංග අගය කරන මහාවංස කතුවරයා,

“දකුණු දොර කඩොලැතුය, නන්දමිත්‍රය, සුරනිමලය යන ඒ තුන්දෙනා ඉතිරි චාරිත්‍රයෙහි යුද්ධ කළෝය. ඒ නුවර වනාහි පරිබාත්‍රයක්ද උස් වූ පවුරු තොරණ්ය. ලොහොකම් කළ දොරය(යන මෙයින්) සතුරන් විසින් බිඳ හෙළිය හැක්කේ නොවේ. ඒ ඇත් තෙමේ දෙදණින් හිඳ දෙදළින් ගල්සුණු ගඩොල් බිඳ යදොරට පැමිණියේය. තොරණ හුන් දෙමළු අනෙක ප්‍රකාර ආයුධයන්ද කකියා ගිය ලොහො ගුළිද එසේම කකාල මැලියම්ද දැමූය. පිටලූ ලහට දුමන කල කඩොලැත් තෙමේ දුවමින් වේදනාවෙන් මිරිකෙමින් උදක ස්ථානයට ගොස් එහි ගිලිණි.”

“ගොඨයිම්බර තෙමේ මේ තට සුරාපාන නොවෙයි... යදොර හැරීමය. යව දොර බඳව”යි කීය. ඒ උතුම් ඇත් තෙමේ මන් උපදවා කුංචනාද කොට දියෙන් ගොඩ නැඟී එඩි ඇතිව ගොඩ සිට ගත්තේය. ඇත් වෙද තෙමේ ලහටු ගලවා බෙහෙත් කළේය. රජ තෙමේ ඒ ඇතු නැඟී අතින් කුම්භස්ථලය පිරිමැද “දරුව කණ්ඩුලය. මුළු ලක්දිව රජය තට දෙන්නෙමි”යි ඒ ඇතු තුටු කරවා වර බොජුන් කවා සළුවෙන් වෙලා මනා සන්නාහ ලවා සන්නාහ මතුයෙහි සත් ගුණ කළ මීසම් බඳවා ඊ මත්තෙහි තෙල් සම් එළවා ඒ ඇතු මෙහෙයි. ඒ ඇත් තෙමේ සෙණ හඬ මෙන් ගුගුරමින් උපද්‍රවයන් ඉවසමින් ගොස් දෙදළෙන් ලැහැලි බින්දේය. එළිපත පයින් පහලේය. දොරබා සහිත ඒ යදොර ගුගුරා ගෙන බිමහෙනි. ”

යුද්ධය අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිටද නැඟී ද්වන්ධ සටනකට යොමු වන අතර එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන ගැමුණු කුමරු කඩොල් ඇතු ලවා පර්වත ඇතුට දෙදළෙන් ඇන වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරණයට පත් කරන ලදි.

එසේ දුටුගැමුණු රජු සමඟ ඉතා සමීපව කටයුතු කළ කඩොල් ඇතු පසු කලෙකදී තම ස්වාමියාගේ අකල් වියෝවෙන් කම්පා වීම නිසා රෝගාතුර විය. ඒ පිළිබඳ කම්පාවූ සද්ධාතිස්ස රජු ඇත්ගොව්වන්ගේ උපදෙස් පරිදි කඩොල් ඇතුගේ උපන් ප්‍රදේශය වූ මාගම් පුරවරයට ඇතු රැගෙන යන ලදි. එසේ රැගෙන යන අතරතුර දැඩි ලෙස රෝගාතුරවූ කඩොල් ඇතු යුධගනාව දාගැබ දෙසට නමස්කාර කරමින් මිය ගොස් ඇතැයි ජනවහර කියයි.

කඩොල් ඇතුගේ දේහය මීට සමීප පොරමැඬිල්ල නම් ස්ථානයේ මිහිදන් කර ඇති බව කියැවේ. එහිදී වෙන් කරගත් දළ යුගලය සද්ධාතිස්ස රජු විසින් කතරගම දේවාලයට පූජා කර ඇති බවට මත පළ වේ. ප්‍රවාදයන් අනුව කඩොල් ඇතු මිහිදන් කළ බවට අනුමාන කළ හැකි ස්ථානය වර්තමානයේ පැලවත්ත සීනි සමාගමට අයත් භූමි ප්‍රදේශයක පිහිටා තිබේ. එම ස්ථානය පිළිබඳ ජනප්‍රවාද රාශියක් පවතී. එනම් එම ස්ථානයේ අදටද අලි ඇතුන් ගැවසෙන බව හා කිසිදු ගසක් එම ස්ථානයේ පැළ නොවෙන බවටය.

ලාංකේය රාජ්‍යයෙන් පවා පිදීමට ලක් වූ කඩොල් ඇතුගේ දළ යුගල වර්තමානයේ තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයකද යන්න මෙරට ජනයාට පවතින කුකුසකි. ඇතැමුන් සඳහන් කරන්නේ එම දළ යුවළ දුටුගැමුණු රජු ඉදි කළ මහාථූප මළුවේ තැන්පත් කර ඇති බවය. ගැමුණු කුමරු උපන් දිනයේම උප්පත්තිය ලද කඩොල් ඇතුගේ දළ යුගල තම ස්වාමියා කාලක්‍රියා කළ මහාථූපය අසල නිදන් කර ඇතැයි යන්න පිළිගැනීම සාධාරණ හේතු මත පදනම් වන බව පෙනේ. නමුත් ඒ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය ටී.ජී.කුලතුංගයන් තම “අනුරපුර මහාවිහාරය” ග්‍රන්ථයේදී සඳහන් කරන්නේ මෙබඳු අදහසකි.

“රුවන්මැලි සෑයේ මෑතදී ප්‍රතිසංස්කරණය කරන ලද ආයක (වාහල්කඩ) දෙපස අර්ධ කවාකාර කුඩා ප්‍රමාණයේ සුදු පැහැති ගල් කැබැලි දෙකක් දක්නට ලැබේ. ඒවා කඩොල් ඇතාගේ දළ සේ සමහරුන් හඳුන්වාදීම දක්නට ලැබේ. සත්‍ය වශයෙන්ම ඒවා ආයකය ප්‍රතිසංස්කරණය කිරිමේදී මට්ටම් (මිනුම්) ගැනීම සඳහා යොදාගන්නා ලද ගල් බව සැලකිය හැකිය. එම වර්ගයේ ගල් කැබලි රුවන්මැලි සෑ පන්සල ඉදිරිපිට පොකුණ කැණීමේදී හමු විය. ” (40 පිටුව)

එසේ නම් කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයක ද යන පැනයට පිළිතුරු සෙවිය යුතුය. මීළඟට අවධානය යොමු වන්නේ මුල්ගිරිගල රජ මහා විහාරය වෙතටය. එම විහාරයේ ඉතිහාසය අදින් වසර 2300කට එපිටට දිව යයි. පූජාවලියේ සඳහන් වන්නේ මුල්ගිරිිගල විහාරය දුටුගැමුණු රජුගේ පියාණන් වූ කාවන්තිස්ස රජු විසින් කරවා ඇති බවය. වංශකථාවල දැක්වෙන්නේ එය දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස රජු විසින් කරවා ඇති බවය. මහනුවර රාජධානි සමයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එම විහාරයට ඇත් දළ යුගලක් පූජා කර තිබේ. එය කඩොල් ඇතාගේ දළ යුගල බවටද මත වේ.ඒ බව මුල්ගිරිගල විහාරය පිළිබඳ පර්යේෂණය කර ඇති උණුව

තුර බුබුලේ මහින්ද හිමියන්ගේ ‘දකුණේ විහාරවල මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර‘ යන කෘතියේ සඳහන් කර ඇත. (පිටුව 105) මුල්ගිරිගලට නුදුරු කඩවල නම් ප්‍රදේශයෙන් ඇතා අල්ලා ගල් බැවින් කඩොල් ඇතු යන නම ලැබී ඇති බවටද මත වේ. රජු විසින් එම විහාරයට දළ යුගල ලබා දී ඇත්තේ එම සම්බන්ධය නිසා යැයිද මත ඇත.

කඩොල් ඇතුගේ දළ යුගල සොයා යන අපගේ මීළග අවධානය යොමු වන්නේ රුහැණු කතරගම මහා දේවාලය වෙතය. සුමිත් රණසිංහ විසින් රචිත “ කතරගම් පුවත” නම් ග්‍රන්ථයේදී (2011 ප්‍රථම මුද්‍රණය) කතරගම ඇසළ පෙරහරේ චාරිත්‍ර ගෙනහැර පායි. පෙරහර මංගල්‍යයේ 6 වැනි දින චාරිත්‍ර අතරට කඩොල් ඇතුගේ දළ යුගල ප්‍රදර්ශනය කිරීම ද දක්වා ඇත. එහි සඳහන් වන්නේ එදින ක්‍රියාත්මක කරන ප්‍රධාන චාරිත්‍ර 5 අතරේදී කඩොල් ඇතුගේ දළ ප්‍රදර්ශනය ද සිදු කරන බවයි.

“ගබඩාපිළි හා ගොටුමහන පිලේ නියොජිතයන්ගේ සහායෙන් දුටුගැමුණු මහරජතුමන්ගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතාගේ ඇත්දළ දෙක ප්‍රධාන දේවාලයේ දොරටුව දෙපස ප්‍රදර්ශනයට තැන්පත් කිරීමද මෙදින සිදුවේ. ” (පිටුව 84) කතරගම දේවාලය හා බැඳී ඇති ඉතිහාසය පිරික්සීමේදී අනාවරණය වන්නේ ගැමුණු කුමරු කතරගම දෙවියන් සමඟ පැවැති දැඩි සම්බන්ධය හේතුවෙන් කඩොල් ඇතුගේ දළ යුගල සද්ධාතිස්ස රජු දේවාලයට පූජා කරන්නට ඇති බවය. ඌව වෙල්ලස්ස කැරැල්ල සමයේදී එම දළ යුගල දේවාලයෙන් ගෙන ගොස් ගල් ගුහාවක සඟවා තබා පසුව නැවත ගෙනවිත් ඇති බවටද මත තිබේ.

ඇත් දළය ලෙස හඳුනාගන්නා අලින්ගේ උඩුහනුවෙන් එළියට ඇදෙන කෘන්තක දත් දෙක පිළිබඳ සලකා බැලීමේදී වර්තමානයේ දැකගත හැකි සාමාන්‍ය ඇතෙකුගේ දළ යුගලට වඩා කතරගම දේවාලයේ තැන්පත් කර ඇති කඩොල් ඇතාගේ යැයි සැලකෙන දළ යුගල ප්‍රමාණයෙන් විශාල බව පෙනේ. එසේම වර්තමානයේ එම දළ යුගලය මදක් අවපැහැ ගැන්වී ඇත.

ඒ අනුව කතරගම මහා දේවාලයේ ඉතිහාසය, පෙරහර චාරිත්‍ර, ජනප්‍රවාද හා දැනට දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව අපට අනුමාන කළ හැක්කේ කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කතරගම දෙවියන් සමීපයේ කතරගම දේවාලය තුළ බවය. මෙරට එක්සේසත් කිරීමට දුටුගැමුණු රජුට සහාය දෙමින් විජිතපුර බළකොටුවේ දොර අගුළු සිඳලූ ඒ විස්මිත ඇත් දළ යුගල වසරක් පාසා කතරගම පෙරහර මංගල්‍ය පවත්වන අවස්ථාවේදී සියලුම ලාංකිකයන්ට දැකබලා ගැනීමේ හැකියාව උදා වෙන බව මෙහිදී සිහිපත් කිරීම වටී.

කේ. උදේනි අරුණසිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර

වසර 2175ක් පැරැණි කඩොල් ඇතුගේ දළ යුගල මෙන්න වසර 2175ක් පැරැණි කඩොල් ඇතුගේ දළ යුගල මෙන්න Reviewed by gihan on March 23, 2020 Rating: 5

චීනයේ කැණිමකදී බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවේ කොටසක් හමුවෙයි

March 23, 2020

චීනයේ නැන්ජිං ප්‍රදේශයේ ඉපැර‚ විහාරස්ථානයක කරන ලද කැණිමකදී බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතූන් වහන්සේගේ කොටසක් හමුවී ඇති බවට පුරාවිද්‍යාඥයන් විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කොට ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සම ‍ලේකම් කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

11 වැනි සියවසේදී ෂෙන්සොං අධිරාජයා විසින් ප්‍රතිසංස්කරණය කොට ගොඩනගන ලද භූමියේ භූගත ගෘහයක ඉතා සුරක්ෂිතව එම සර්වඥ ධාතූන් තැන්පත් කොට ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

එම භූමියේ නිදන්ගතව තිබූ ශෛලමය පෙට්ටියක් තුළ ඉතා අලංකාර ස්ථූපයක් ලෙස දිස්වන එම කරඩුව උසින් සෙන්ටිමීටර් 117ක් හා පළලින් සෙ.මී. 45ක්ද වන අතර සඳුන් දැවයෙන් නිමවූ එය රන්, රිදී හා වෙනත් මැණික් වර්ග ඔබ්බවා සාදා ඇති බවද කියැවේ.

පුරාවිද්‍යාඥයන් මෙම සොයා ගැනීම කර ඇත්තේ 2010 වසරේදී කළ කැŒමකදී බවත්, මෙම ධාතූන් වහන්සේලා වසර 1000ක් පමණ මෙහි නැවත තැන්පත් කිරීමෙන් පසුව සොයාගත් ඒවා බවට විශ්වාස කරන බවත් පුරාවිද්‍යාඥයෝ සනාථ කරති.

එමෙන්ම එම ශෛලමය පෙට්ටගම මත කරඩුව තැන්පත් කළ අය හා ධාතූන් වහන්සේලා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බවද සටහන් කර ඇති බවද පැවසෙන බව වික්‍රමරත්න මහතා පැහැදිලි කරයි.

සඳුන් දැවයෙන් නිර්මිත කරඩුව තුළ අභ්‍යන්තරයේ රිදී මංජුසාවක සෙන්ටිමීටර් 20 උසකින් හා අඟල් 7.08 පළලකින් යුතු රත්රන් පෙට්ටියක් තුළ මෙම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට තිබි ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

මෙම සියල්ල ශෛලමය පෙට්ටිය තුළ නිදන්ගත කිරීමට ප්‍රථම රිදී මංජුසාව ඉතා සුරක්ෂිතව අගුල් දමා තිබි ඇති අතර මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සුරක්ෂිතව ආරක්ෂා කරගැනීමට එසේ කළා විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසා ඇත.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු හිරත්නවතී නදිය අසලදී එවකට රාජ්‍ය පාලකත්වය දැරූ රජු විසින් සර්වඥ ධාතූන් වහන්සේලා 1000ක් ඛෙදා දුන් අතර, ඉන් 19 වැනි සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණය චීන දේශයට ලබාදුන් බවද එහි සඳහන් කර ඇත. සර්වඥ ධාතූන් අතරින් ශීර්ෂ ධාතූන් වහන්සේනමක් එහි රන් පෙට්ටිය තුළ තැන්පත්ව ඇති බවද සඳහන් කර ඇත

මුල්ම අවධියේ මෙම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ ස්ථානය නොයෙක් විනාශකාරී අවස්ථා නිසා ස්ථානීය වෙනස්වීම් අනුව 11 වැනි සියවසේදී ෂෙන්සොං අධිරාජයාට කෘතඥපූර්වක වන්නට එහි සුරක්ෂිතව තැන්පත් කර ඇති බවද සඳහන්ය.

සර්වඥ ධාතූන් ඛෙදාදුන් ද්‍රෝණ බමුණා පිළිබඳවද මෙහි පුවරුවක සඳහන් වන අතර, මෙම නැන්ජිං විහාරස්ථානයේ පිඟන් මැටියෙන් නිමවූ දාගැබක් ඇති බවද පැවසේ.










චීනයේ කැණිමකදී බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවේ කොටසක් හමුවෙයි චීනයේ කැණිමකදී බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවේ කොටසක් හමුවෙයි Reviewed by gihan on March 23, 2020 Rating: 5

සුදුවෙන්න කන්න ඕන කෑම මෙන්න

March 23, 2020


ඉතින් කොහොමද යාලූවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න  ඕනේ නෑ. ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම්.

කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට  ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා විටමින් C හා Carotene කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි කැරට් කෑවම සුදු වෙන්නේ. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම  නිරෝගී දිදුළන කෙස් කලබකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා බොන එක ලේසියි.  ඕනේ නම් Face pack විදියට භාවිතා කරනත් පුළුවන්.


ගස්ලබු වලත් විටමින් ක්‍ සැහෙන්න අඩංගුයි. ඊට අමවතරව විටමින් A, E හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්.ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ත‍්ජැ ඡ්ජන එකක් විදියත් භාවිතා කරන්න පුලූවන්.


රතු පාට නැවුම් තක්කාලි වල ඛහිදචැබැ කියන පෝෂණ සන්ගටකය. මතක මන් උඩින් කිව්වා කැරට් වල තියෙනවා කියලා Carotene කියලා අපිට සුදු වෙන්න උදව් කරන දෙයක්. අන්න ඒ වගේම එකක තමයි මේ ඛහිදචැබැ කියන්නෙත්. මුහුණ සුදු කරනවට අමතරව තක්කාලි අපිව කෙට්ටු කරන්නත් පිළිකා අවධානම අඩු කරන්නත් පුළුවන් ආහාරයක් බවට වෛද්‍ය වරුන් හදුනාගෙන තියෙනවා.

බීට්රූට් කියන්නේ සම අභ්‍යන්තරයට දක්වාම ගිහින් පිරිසුදු කරන්න පුළුවන් යකඩ හා විටමින් රාශියක් අඩංගු ආහාරයක්. මේ තුලින් ඔබේ රුධිර සංසරණය ක‍්‍රමවත් කරනවා වගේම කම්බුල් වලට දිදුළන රෝස පැහැයක් ලබා දෙනවා. බීට්රූට් මුහුණට පැක් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හොදින් බ්ලෙන්ඩර් කරලා යුෂ විදියට පානය කරන්නත් පුළුවන්

Green tea වල සමට ගොඩක් වැදගත් පෝෂණයක් සපයන ඖෂධිය පානයක්. මෙ මගින් සමේ හිරු එලිය නිසා සිදුවන කළු වීම් , ලප කැළැල් වගේ දේවල් ඉවත් කරමින් සම පැහැපත් කරනවා.


මේක ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම විටමින් C, E වලින් පිරිපුන්. තවද ගෝවා මල් තුල අපේ ඇගේ ශරීරයේ තියෙන විෂ නසන ගුණයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන කොට අපිට පැහැපත් සමක් හා නිරෝගී කෙස් කලබක් නිරායාසයෙන්ම ලැබෙනවා.


මාළු වල අඩංගු වෙලා තියෙනවා ඔමේගා 3 කියන අපේ සමට  ඉතා වැදගත් මේද අම්ල ජාතියක්. ඒ වගේම මාළු වල ගොඩක් අපිට අවශ්‍ය කරන විටමින් වර්ග තියෙනවා.මේ තුලින් අපිට පැහැපත් දිදුළන සමක් ලබා දෙනවා.


අල කනවාට වඩා හොදයි අමු අල පෙති මුහුණ මත තියන් ඉදලා මුහුණ හෙමිට මසාජ් කර ගන්න පුළුවන් නම්. එතුලින් ඔබට පුළුවන් කම ලැබේවි මුහුණේ තියෙන අදුරු  ලප කැළැල් ඉවත් අකර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගන්න


මී කිරි වල ගොඩක්ම තියෙන්නේ කැල්සියම් උනාට  මී කිරි වලට ඉතා සාර්ථකව ඔබේ මුහුණ සුදු කරන්නත් පුලූවන්. ඒ වගේම මුහුණේ තෙතමනය නියම ගානට පවත්වා ගෙන එහි අඩංගු ලැක්ටික්  ඇසිඞ් මගින් මුහුණට නව පෙනුමක් ලබා දෙනවා.

දොඩම් වල ගොඩක් තියෙන්නේ විටමින් C දොඩම් මගින් මුහුණේ සමට නව පෙනුමක් ලැබෙනවා. ඒ වගේම දොඩම් මගින් සමේ අලූත් ෙසෙල නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් දේවල් අඩංගුයි. ඒ නිසා නිතරම ඔබට දීප්තිමත් මලානික නොවූ සමක් තියා ගෙන ලස්සනට ඉන්න පුළුවන්
සුදුවෙන්න කන්න ඕන කෑම මෙන්න සුදුවෙන්න කන්න ඕන කෑම මෙන්න Reviewed by gihan on March 23, 2020 Rating: 5

දියවැඩියාව හැදෙන්න කලින් දැනගන්න විදිය

March 23, 2020

අපේ ශරීරය තුල කිසියම් ක්‍රියාවලියක් අපට අහිතකර ආකාරයෙන් සිදු වනවා නම්, එය හඳුනා ගැනීමට ශරීරය මගින් විවිධ සංඥා නිකුත් කරනවා. දියවැඩියාව සඳහා ද ශරීරය ඒලෙසම ක්‍රියා කරනවා. දිගු කාලයක් තිස්සේ ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතියේ නම්, නිතර තිබහ සහ කුසගිනි ඇති වීම, ඇස් වල පෙනීම නොපැහැදිලි වීම, තුවාල සුව වීම ප්‍රමාද වීම සහ නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ආදී ලක්ෂණ ඇති වෙනවා.

ග්ලුකෝස් කියන්නේ අපේ ශරීරයේ සෛල තුල ශක්තිය නිපදවීමට යොදා ගන්නා සීනි වර්ගයක්. කෙසේ වෙතත්, අපේ ශරීරයට හානිදායක ප්‍රතිඵල ඇති වීම වැළැක්වීම සඳහා, මෙම සීනි ප්‍රමාණය නියමිත පරාසයක තබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා, අපේ අග්න්‍යාශය විසින්, ග්ලුකෝස් නිපදවීම සහ වැයවීම පාලනය කරන ‘ඉන්සියුලින්’ නැමැති හෝමෝනය නිපදවනවා. කෙසේ වෙතත්, විවිධ හේතූන් මත, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය අග්න්‍යාශයේ මෙම ‘ඉන්සියුලින් නිපදවන සෛල’ වලට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගැනීම නිසා, මාරාන්තික සංකුලතා ඇති කල හැකි, බරපතල රෝගයක් වන, ‘දියවැඩියාව’ ඇති වීමට හේතු වෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතීමෙන්, රුධිර නාල වලට හානි සිදුවීමත් වෙනත් ගැටළු උද්ගත වීමත් සිදුවිය හැකියි. එසේම, රුධිරයේ අධික සීනි ප්‍රමාණයක් පැවතීම ආඝාතය, වකුගඩු අක්‍රීය වීම, ඇස් පෙනීම අඩු වීම/ඇස් නොපෙනී යාම වගේම සමෙහි ඇති වන ස්නායු ගැටළු නිසා තුවාල හෝ අසාදන ඇති විය හැක. මේ හේතුව නිසා, රුධිර සීනි ප්‍රමාණය ඉහල යන විට ඇති වන විවිධ රෝග ලක්ෂණ හඳුනා ගැනීම ඉතා වැදගත්.

අත් පා වල ඇති වන හිරි ගතිය-දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට කලින්ම ඇති වන ලක්ෂණයක් ලෙස අත් පා හිරිවැටීම දක්වන්න පුළුවන්. එයට හේතු වන්නේ අත්පා වල ඇති ස්නායු වලට හානි සිදුවීමයි.

නිතර ඇති වන කුසගින්න-දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට නිතර නිතර කුසගිනි දැනීමට හේතු වන්නේ රුධිර සීනි ප්‍රමාණය සාමාන්‍ය පරාසයට වඩා අඩු වූ විටයි. මෙමගින් දියවැඩියාව ආශ්‍රිත වෙනත් රෝගී තත්වයන් වන, අනවශ්‍ය ලෙස ආහාර ගැනීමත්, තරබාරු වීමත් යනාදියට ගොදුරු වෙනවා.


නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍යවීම-රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල ගිය විට, ඔබට නිතරම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. (විශේෂයෙන්ම මේ නිසා, රාත්‍රී කාලයේදී නින්දට බාධා වේ.)

අධික පිපාසය-රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම, ඔබට නිතර පිපාසයක් ඇති කිරීමට හේතු වන අතර, ඔබ දියවැඩියාවෙන් පෙලෙන බවට තහවුරු වන ප්‍රබල සූචකයක් ලෙස දැක්විය හැකියි.

විඩාබර ගතිය-අපේ ශරීරයේ සෛලවලට අවශ්‍ය තරම් ග්ලුකෝස් නොලැබෙන විට, ඒවාට නිසි පරිද ක්‍රියා කිරීමට නොහැකි වන බැවින් ශරීරයට දුර්වලතාවක් සහ විඩාවක් ඇතිවේ.

ඉක්මනින් ශරීරයේ බර වැඩි වීම හෝ අඩු වීම-රුධිර සීනි මට්ටම අඩු වූ විට, මේද දහනය වෙනුවට මාංශ පේශි දහනය මගීන් ශක්තිය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, ඉතා ඉක්මනින් ශරීරයේ බර අඩු වීම සිදුවේ. එසේම, රුධිර සීනි මට්ටම වැඩිවීම, ශරීරයේ බර වැඩි වීමට හේතු වන බැවින් ද, ඔබ ශරීරයේ ක්ෂණික බර අඩු/වැඩිවීම් වලට ලක් වෙනවා නම්, වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

නිතර අමතක වීම් ඇති වීම-රුධිරයේ සීනි මට්ටමේ සිදු වන වෙනස්කම් නිසා ශරීරයේ සමතුලිතතාවය බිඳ වැටීම සහ නිතර අමතක වීම් ඇතිවීම සිදු විය හැකියි.

තුවාල සුවවීම ප්‍රමාද වීම-අපි ඉහත සඳහන් කර ඇති පරිදි, රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම නිසා ස්නායු වලට හානි සිදු වන බැවින්, කැපුම් සහ අනෙකුත් තුවාල සුව වීම ප්‍රමාද වනවා.

ඇස්වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ කරකැවිල්ල-ඇස් වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ ක්ෂණිකව ඇතිවන කරකැවිල්ල, රුධිර සීනි මට්ටම ඉහල ගිය විට සහ දියවැඩියාව ඇති විට, වඩාත් බහුලව ඇති වන රෝගී ලක්ෂණ වලින් එකක් නිසා නොසලකා හැරීම නොකළ යුතුයි.
දියවැඩියාව හැදෙන්න කලින් දැනගන්න විදිය දියවැඩියාව හැදෙන්න කලින් දැනගන්න විදිය Reviewed by gihan on March 23, 2020 Rating: 5

ජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න

March 23, 2020


අතීතයේ අපේ ගම් ගෙවල්වල රෑ කෑමට හදපු බත් ඉතුරු උනාම පහුවදා උදේ එය විසි කරලා දැම්මේ නැහැ. එයාල රෑ කෑමට හදලා ඉතිරිවෙන බත්වලට කියන්නේ හීල් බත කියලා. ඉතින් මේ හීල් බතට වතුර දමා උදේට කන්න දියබත හදලා ගන්න එක හැම ගැමි ගෙදරකම පුරුද්දක් උනා. කොහොමත් එදා ගෙවල් වල බත් පිස ගත්තෙ අද වගේ රයිස් කුකර් එකේ නොවෙයි මැටි මුට්ටියේ . මැටි මුට්ටියේ පිසගත් බත් වලට ඉතිරි වුණ කොටසට සමාන වතුර ප්‍රමාණයක් ඊට එක් කරලා ඒ බදුනේ ම සාමාන්‍ය උෂ්ණත්වය තියෙන්න ඇරලා තමයි මේ දියබත සකස් කරගත්තේ.

ඒ විදියට සකස් කරගත් දිය බත උදෑසන ආහාරයට ගත්තේ පොල් කිරි හොද්දක් සමග නැත්නම් හකුරු කෑල්ලක් සමඟයි.පොල්කිරි ටිකක් මිරිකලා එයට රතුළූණු වියළි මිරිස් කරලක් උම්මලකඩ කැබලි ටිකක් දාලා දෙහි එක්ක හොඳින් අනලා සකස් කර ගත් පොල් කිරි හොද්ද එක්ක මේ දියබත ආහාරයට ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටීස් ඇති අයට නැත්නම් මිරිස් අගුණ අයට ඒ වෙනුවට කිතුල් හකුරු කෑල්ලක් එක්ක කෑමට හැකියාව තිබෙනවා. රාත්‍රි බතට එක් කරන වතුර පෙරා ඉවත් කරන එක නම් හොද නැහැ. එවිට එහි පෝෂණය අපතේ යනවා.

පර්යේෂණ වලින් සොයාගෙන ඇති අන්දමට දියබත් ආහාරයට ගැනීම ශරීර ශක්තිය වඩවන අතර හිතකර බැක්ටීරියා වර්ග ශරීරයට ලබා ගැනීමට හැකියාව ලැබෙවා. මෙහි කෙඳි සහිත බව නිසා මලබද්ධය දුරලා සිරුර ප්‍රබෝධමත් කරයි. සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සාමාන්‍ය කර තරුණ බව රැකදෙයි.මීට අමතරව තුවාල සුව කිරීමේ ශක්තියද දියබතට පවතිනවා. ඔබ දන්නවාද මේ විදියට බත් සාමාන්‍ය පරිසරයේ තියෙන කොට අවට පරිසරයේ හා වාතය වාසය කරන හිතකර ක්ෂුද්‍ර ජීවීන් ඒ මත ක්‍රියාකරන බව.

එවිට බත් පැසීමේ ක්‍රියාවලියට ලක් වී විටමින් B වගේම C සාන්ද්‍රනය ඉහළ යනවා. සැබෑවටම අලුත් බත්වලට වඩා දියබත් හරිම සැහැල්ලුයි. ජීරණය පහසු නිසාම ආමාශයේ වැඩිවේ රැඳෙන්නේ නැහැ. දංකුඩ සහිත බත් වල ක්ෂාරීය ගුණය වැඩි නිසා මෙම ආහාරය අම්ලපිත්ත රෝගීන්ට වඩා හොද සහනයක් සහනයක් ළඟා කර දෙනවා. ඒ වගේම මෙහි කැලරි ප්‍රමාණයත් ඉතාම අඩුයි.ඉතින් අතීතයේ මිනිසුන් නිරෝගීව සිටීම අරුමයක් නොවේ. මැටි මුට්ටියක් වත් අද ඇතැම් නිවසක සොයා ගැනීමටත් අපහසු තරම්.දිය බත් ගැන නොදැන සිටි සියලූ දෙනාම එක් වරක් හෝ එය රස විඳ බලන්නට හැකි නම් ඉතාම වටිනවා.

පළාතෙන් පලාතට දියබතට එක්කෙරෙන අමුද්‍රව්‍ය වල යම් යම් වෙනස් කම් සිදුවන අවස්ථාවත් දැකගත හැකියි. කොළඹ එක්කෙරුණු අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ බැදගත් හෝ ගින්දරට අල්ලා පුළුස්සා ගත් වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩා කැබලි කර එක් කරණ අතර නුවර මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම සිදුවේ. රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තේ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කෙරෙන අවස්තාද මේ අතර ඇත.කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රසසහ ගුණ මිස අගුණයක් නැත.ශරීරයේ විෂ නසා සිසිල් කිරීමේ මහඟු ගුණයක් ඇති දියබත පායන වියලි දේශගුණ කාලවලදී ජිවිත බේරාගන්නා ඖෂධයක් මට්ටමට වටිනාකමින් වැඩිවේ. එවන් කාලවලදී ඇතිවන ඇස් රෝග, සමේ ආසාධන, කටදිව පැලිම, යටිපතුල් වල පැලීම් වැනි ඌශ්නාධික රෝග වලින් මිදීමට හෝ ඉක්මන් සුව ලබා ගැනීමට දියබතතරම් සමත් වෙනත් ඖෂධයක් නැත.

දියබත උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටිස් රෝගයට සුවදායි වන බවට ආයුර්වේද වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේ සරලව විග්‍රහ කර පෙන්විය හැකියි. එනම් විසෙන් විෂ නැසීමයි.දෙහියුෂ සහ රතුළූණු ආම්ලික ආහාර වලින් අනූන දියබත දිවට වැටුණු වහා මුලින් දැනෙන්නේ ආම්ලික ඇඹුල් රස. ඒ නිසා ආමාශය භාශ්මියකරණයට සුදානම්ව අම්ල අඩුකරයි. ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි යෙදෙයි. එමගින් ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කර බාහිරින් ආම්ලික බව අඩු කෙරෙන ආහාර යෙදෙයි.ඒ බහුල ආහාර වන දෙහි, රතුළුණු සහ අමුමිරිස් අඩංගු දෑ…

විටමින් සී වල ( ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ.) ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් )

දියබත පිළියෙළ කෙරෙන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ හීල්බතය. අද වන විට උදෑසන ආහාරය සපයන පාන් සහ තිරිඟු පිටි නිෂ්පාදන අධික තාපයට හසුව එහි ඇති එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග බොහොමයක් විනාශ වේ.නමුත් එදා අප ආහාරයට ගත් කැකුළු සහල් පිසෙන විට හැර වෙනත් ආකාරයට තාපයට හසුවීමක් නැත. පිෂ්ඨය ඇතුළු සහල් නිවුඩ්ඩ තුළ ඇති විටමින් වර්ග, ලවණ සහ ඛනිජ අඩංගු පෝෂ්‍යදායි සෙමෙන් දිරවන ආහාරයකි; හීල් බත.පොල් කිරෙන් දියබතට ලැබෙන අපුර්ව රසය සහ භාෂ්මිකතාවයට අමතරව වාසි ලැබේ.


  • කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
  • අධි ලවන සංයුතිය මානසික ආතතිය, අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
  • ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම.
  • ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)


සමස්ථයක් ලෙස ඇති ප්‍රයෝජන


  • කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
  • වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි.
  • ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
  • මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
  • බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
  • කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
  • අධි ලවණ සංයුතියමානසික ආතතිය , අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
  • ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම
  • ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)
  • ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්) සැපයීම
  • විටමින් සී වල (ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ )
  • විටමින් බී සපයා රුධිරය පෝෂණය
  • දියවැඩියා කෙරෙහි ගුණදායකය
  • මේ සියලු හේතු නිසා ආහාරමය වශයෙන් දියබත බොහෝ පෝෂණීය ගුණ සහිත ශක්ති ජනක ආහාරයකි. දවස පුරා සිරුර නැවුම් බැවින් තබමින් බොහෝ රෝග වලින් ඔබ වලකන දියබතට ඔබේ මුළුතැන් ගෙයි නිසි තැන ලබා දෙන්නට සැරසිය යුතුය.ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්.


දිය බත හදන විදිය අවශ්‍ය ද්‍රව්‍ය:


  • උයා ඉතිරි උන බත් ටිකක්
  • පොල් කිරි
  • වියළි මිරිස් කරල් 5
  • රතු ළූණු ගෙඩි 5
  • සුදු ළූණු බික් 1
  • දෙහි යුෂ
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට


සාදන අයුරු:රාත්‍රියේ දී බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙ‍ඟෙන්නට හරින්න. පසු දින උදෑසන ජල‍යේ පෙඟුන බත් මිරිකා ජලය ඉවත් කරගන්න. බත් පෙරා ගත් වතුර බීමට ගත හැකිය.බත් ටික නෑඹිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කරගන්න. පොල් කිරි වලට ලියාගත් සුදු ළූණු, රතු ළූණු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ අමු මිරිස්, දෙහි යුෂ සහ රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර ගන්න.

අවසානයට මෙම මිශ්‍රණයට බත් ටික එකතු කර ගන්නග මෙය කිතුල් හකුරු සමඟත් ආහාරයට ගත හැකියි.දාහය නිවන දිය බත්, තොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවක් වන අතර ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන රෝගී තත්ත්වයටත් ඉතාමත් ගුණදායකයි. වියදම අඩු, සෑදීමට ඉතාමත් පහසු දිය බත් අනිවාර්යයෙන්ම හදල බලන්න.
ජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න ජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න Reviewed by gihan on March 23, 2020 Rating: 5

මානව හිතවාදී ෆිදෙල් බිහිකල මනුශ්‍යත්වයේ අදරනීය කියුබාව..

March 23, 2020


මාර්තු 12 දින සිට පැසිෆික් මුහුදේ පා වූ මගීන් 1000 ක් රැගත් බ්‍රිතාන්‍ය නැවේ covid 19 ආසාධිතයන් සිටින බවට වාර්තා වූ බැවින් හදිසි යේ වරායකට ඇතුලු කොට දහසකගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය විය. මුලින්ම බහමාස් වෙත ගොස් ඉල්ලූ අවසරයට ඉඩ නොලැබුනි. තවත් කැරිබියන් රටවල් කිහිපයකින් අසීරු අවස්තාවේ උපකාර ඉල්ලුවද සියලු රටවල් තම වරායට මෙම නෞකාව වද්දා නොගන්නා ලදී.

ඇමරිකාවෙන් ද කල ඉල්ලීම හිරිකිතයකින් තොරවම ඔවුන් ද ප්‍රතික්ෂේප කරන ලදී.ඒ කිසිදු රටක ධනපති පාලකයන්ට 1000ක් මිනිසුන්ගේ වේදනාව නොදැනුනි.කැරිබියන් මුහුදු සීමාවට ඇතුලව තිබු එකී නැව නැවත බ්‍රිතාන්‍යයේ කරා ගමන් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා ගතවන කාලය අනුව කොරෝනා රෝගීන් සහිත මේ නැවේ සිටන 1000ක මිනිසුන්ගේ ජීවිත සියල්ල විනාශ වීමේ අවදානම හමුවේ ඇතිවූ මරනයේ භීතිය මුලු නැව පුරාම විලාප දෙන්නට පටන් ගෙන තිබුනි.

අවසානයේ ඔවුන්ට කළහැකිව තිබුණේ සමජවාදී කියුබාව දෙසට ලජ්ජාවෙන් වුවද හැරීමටයි. ඒ මාර්තු 18 දිනයි.මනුෂ්‍යත්වයේ සුවද හදුනන කියුබානුවෝ දෙවරක් නොසිතා තම වරායට ඇතුලුවීමට බ්‍රිතාන්‍ය නෞකාවට සියලු පහසුකම් සැපයීය. රෝගීන්ට ප්‍රතිකාර කළහ.දහසක් ජනයාට ජීවිතය රැක දී සමාජවාදීන් ගේ සුන්දරත්වය ලොවට යළිත් පෙන්වීය.නැවේ සිටි කපිතාන් මෙසේ සටහන් තැබීය

"Thank you Cuba...we will never ever forget that you reached out to us when absolutely nobody , and I mean nobody , else would ...."





මානව හිතවාදී ෆිදෙල් බිහිකල මනුශ්‍යත්වයේ අදරනීය කියුබාව.. මානව හිතවාදී ෆිදෙල් බිහිකල මනුශ්‍යත්වයේ අදරනීය කියුබාව.. Reviewed by gihan on March 23, 2020 Rating: 5

කොමඩු ඇට උණු වතුරට දමා පානය කරන්න

March 22, 2020


අපි කවුරුත් කැමතියි පැණි කොමඩු වලට. එහෙම නේද? විශේෂයෙන්ම මේ කාලේ ඉර ලංකාවට උඩින් තියෙන නිසා පුදුම රස්නයක් දවල් කාලේ තියෙන්නේ. ඉතින් පැණි කොමඩු වගේ වතුර පිරුණු පලතුරක් කන එක අපේ ඇඟටත් හරිම හොඳයි. ශරීරයේ තියෙන උෂ්ණය නැති කරලා හොඳ විවේකයක් දෙන්න කොමඩු කියන්නේ කියාපු දෙයක්.

නමුත් අපි කරන ලොකු වැරැද්දක් තියෙනවා. ඒ තමයි කොමඩු කාල එක ඇතුලෙ තියෙන ඇට ටික විසි කරන එක. කන්න බැරි, හැපුවම කිසිම රසක් නෑ කියලා හිතෙන නිසා අපි මේවා විසි කරත් ඇත්තටම මෙය පෝෂණ ගුණයෙන් පිරුණු ඇට ජාතියක් කියලා දැනගෙන හිටියද?

කොමඩු ඇට තුළ අපේ ශරීරයට අවශ්‍ය පෝෂක බොහෝ අඩංගු වෙනවා. විශේෂයෙන්ම අපේ ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්න ඉතාම ප්‍රයෝජනවත් සංයෝග මේ තුල පිරිලා. නමුත් බොහෝ දෙනා කොමඩු ඇට නොකා විසි කරන නිසා මේ ප්‍රයෝජනය ගන්න ඉඩ ලැබෙන ඉඩකඩ හරිම අඩුයි. අපි මොන තරම් පෝෂණය තියෙන දේවල් කෑවා බිව්වත් ඒ සේරම ඇඟට උරා ගත්තොත් විතරයි ඒවායේ නියම ප්‍රයෝජනය ලැබෙන්නේ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අයට තියෙන ප්‍රශ්නෙත් ඕකයි. එයාලා කන කන ටික මළපහ එක්ක පිට වෙලා යනවා. විවිධ බෙහෙත් බීලා ඕවා හදා ගන්නවට වඩා මේ සරල ක්‍රමය උත්සාහ කරලා බලන්නකෝ.

නමුත් මේ කියන්නේ කොමඩු ඇට කෙලින්ම කන්න කියලා නෙවෙයි. අපේ වාසනාවකට වගේ කොමඩු ඇට තුල තියෙන යහගුණය ගන්න අපිට ඒවා උයලා, බැදලා හෝ කුඩු කරලා වුණත් පුළුවන්. තන්තු වලින් බහුල කොමඩු ඇට අපි කලිනුත් කිව්වා වගේ ඔබ ගන්නා ආහාර වල අඩංගු පෝෂක නිවැරදිව ජීර්ණයෙන් පසු ඇඟට උරා ගන්න උදව් වෙනවා. ඒ වගේම බඩ වැලේ ඉන්න නරක ක්ෂුද්‍ර ජීවීන්, ඉදිමීම් එහෙමත් අවම කරන්න කොමඩු ඇට වලට හොඳ හැකියාවක් තියෙනවා.

ඒ වගේම කොමඩු ඇට කියන්නේ ඉතා ප්‍රබල මුත්‍ර වර්ධකයක්. මුත්‍ර වර්ධක ගැන අහලා නැතිනම් දැන ගන්න. අපි බොන වතුර මුළු ප්‍රමාණයම නිවැරදි විදිහට පෙරිලා යන්න යම් හෝර්මෝන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. වකුගඩු දුර්වල වුණාම මේ වදේ හරියට සිදු වෙන්නේ නෑ. ඒ වෙලාවට කොමඩු වගේ දෙයක් ගැනීමෙන් මුත්‍රා පිට වීම වඩා කාර්යක්ෂම වෙලා වකුගඩු වල ක්‍රියාකාරිත්වයට පහසුවක් සලසනවා. මේ නිසා තමයි කොමඩු ඇට කුඩු කරලා කෝපි වගේ හදලා බොන එක හොඳයි කියල දැන් මුත්‍රා අමාරු, මුත්‍රාශයේ ගල් වගේ රෝග තියෙන අයට නිර්දේශ කරන්නේ.

කොමඩු ඇට වල අඩංගු තවත් වැදගත් සංයෝගයක් තමයි සිටෘලීන් කියන්නේ. මේක ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන කාබනික සංයෝගයක්. මේකෙන් ඔබේ කොලෙස්ටරෝල් දහනය කරලා රුධිර නාල මහතින් වැඩි කරන්නත්, එමගින් රුධිර පරිවහනය ඉතා හොඳින් සිද්ධ වෙන්නත් අවස්ථාව සලසා දෙනවා. මේ නිසා ඔබට තියෙන හදවත් රෝග, අධි රුධිර පීඩනය, ආතෙරෝස්කිලරෝසිස් වගේ රෝග ඉතා පහසුවෙන් හොඳ කර ගන්න අවස්ථාව ලැබෙනවා.

ඉතින් මේ වගේ ගුණ බොහොමයක් තියෙන කොමඩු ඇට පාවිච්චි කරලා ඉතා ප්‍රයෝජනවත් පානයක් හදා ගන්න හැටි තමයි මේ කියන්න යන්නේ. ඉතාම සරල, පහසු උපදෙස් ටිකක් අනුගමනය කරාම ඔබටත් පුළුවන් මේක නිවැරදිව සාදා ගෙන කොමඩු ඇට සතු යහ ගුණය ඔබේ ශරීරයටත් ලබා ගන්න.

 ගෙදරදීම කොමඩු ඇට තේ හදාගන්න හැටි.

මුලින්ම කොමඩු ඇට, පිරුණු මේස හැඳි 04 ක වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. මේ ටික හොඳට වේලලා අරගන්න. දැන් බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරලා ඉතා හොඳින් කුඩු කර ගන්න. බ්ලෙන්ඩර් එකක් නැතත් වංගෙඩියක් හරි මිරිස් ගලක් හරි ඇතිනේ. එහෙම ක්‍රමයකින් හරි මේක ඉතා හොඳින් කුඩු කර ගන්න. දැන් මේක නටන උණු වතුර ලීටර් 2කට දාල කවලම් කරන්න. ආපහු ගින්දර දාල කොමඩු ඇට කුඩු ටික විනාඩි 15ක් විතර තැම්බෙන්න දෙන්න.

මේ මිශ්‍රණය ඊළඟ දවස වෙනකන් පැත්තකින් තියන්න. ඊළඟ දවසේ ඉඳන් මම මේ කියන ක්‍රමයට මේක බොන්න පටන් ගන්න. මුල්ම දවස් දෙකේ මේකෙන් තේ බොන කෝප්පයෙන් එකක් බොන්න. මේ විදිහට හැම කෑම වේලකටම පසු කෝප්පයක් බොන්න. ඊළඟ දවසෙත් ඒ විදිහමයි. නමුත් තුන් වෙනි දවසේ බොන්න එපා. ආයෙත් හතර වෙනි දවසෙයි, පස් වෙනි දවසෙයි බීල හය වන දවසේ නොබී ඉන්න. මේ චක්‍රය ලීටර් දෙකම අවසන් වන තුරු කරන්න.

මේ වගේ උෂ්ණ කාලෙක මේ වැඩේ දිගටම කරන්න පුළුවන් නම් වැඩිය හොඳයි. විශේෂයෙන් ඔබ නිතර එළියේ ඉන්න, උෂ්ණයට නිරාවරණය වෙන කෙනෙක් නම් මෙහෙම කරන එක ඔබේ නිරෝගී බව වැඩි වෙන්න ලොකු උදව්වක් වේවි. ඒ වගේම කොමඩු හැදෙන්නෙත් මේ වගේ උණුසුම් කාලෙට විතරක් නිසා පුළුවන් තරම් දැන්මම කන්න බලන්න. (ගන්න පුළුවන් වුණත් ඒ කාලෙට කොමඩු හරිම ගණන්)

 කොමඩු ඇට මඟින් ශරීරයට අමතර ප්‍රයෝජන :-


  • හදවතේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම.
  • සෛල වැඩිදියුණු වීමේ වේගය ඉහළ නැංවීම.
  • මතකය ශක්තිමත් කිරීම
  • අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කිරීම
  • ප්‍රබෝධමත් බව ඇති කිරීම


කොමඩු ඇට තුල අඩංගු ප්‍රධාන පෝෂක

• යකඩ
• මැග්නීසියම්
• විටමින් - A
• විටමින් - K
• විටමින් - E
• ප්‍රතිඔක්සිකාරක
• කැල්සියම්
• මැන්ගනීස්
• නයසින්

මේ නිසා මේ කියපු පානය හදලා බොන එක අනිවාර්යයෙන් කරන්න. ඒක හොඳ අත්දැකීමකුත් වේවි කාටත්. මීට කලින් කෝපි ඇට කුඩු කරලා කෝපි බීලා නැතිනම් මේකවත් කරලා බලන්න. මේකේ බොහොම හොඳ රසයක් එහෙමත් තියෙනවා. ඔබෙත්, සියලු දෙනාගේත් නිරෝගී බවටත් හේතු වෙනවා.කෑවම විසි කරපු කොමඩු ඇට වලින් මොන තරම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද කියලා දැන්වත් ඔබට තේරුනා නේද?

 සැකසුම :- ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කිරින්ද, පුහුල්වැල්ල.
කොමඩු ඇට උණු වතුරට දමා පානය කරන්න කොමඩු ඇට උණු වතුරට දමා  පානය කරන්න Reviewed by gihan on March 22, 2020 Rating: 5

ලෝකය මවිත කර බබා වැන්ගා අනාවැකි ඇත්ත වෙන ලකුණු

March 22, 2020


BABA VANGA නැත්නම් Vangeliya Pandeva Gushterova, ගැන අමුතුවෙන් ලියා වචන නාස්ති කරන්නට අවශ්‍ය නැති මුත් ⁣කෙටියෙන් කියන්නම්. ඇය බල්ගේරියානු ජාතික නෙත් අඳ තැනැත්තියක්. ඈ වඩාත්ම ලෝ පුරා ප්‍රසිද්ධ ඇගේ අනාවැකි නිසා. ඒ වගේම ඇය ගුප්ත ශාස්ත්‍රය, අනාවැකි පිළිබඳව, හා ස්වාභාවික ඖෂධ සම්බන්ධ ප්‍රසිද්ධ තැනැත්තියක්.ඈ ජීවත් වූයේ බල්ගේරියානු Kozhuh කඳුවැටිය ආශ්‍රිත Rupite නම් ගම්මානයේ. 1911.ඔක්.3 උපදින ඇයට වයස 12 දි ඇතිවන චණ්ඩමාරුතයක ප්‍රතිපලයක් ලෙස දෑස් අහිමිවෙනවා.එහිදී වාතලයට විසිව යන ඇයව දින කිහිපයකට පසුව ඇස් වසාගත් දුහුවිල්ල සහ වැලි සහිතව වෙල්යායකදි හමුවෙනවා. මෙයින් දෙනෙත් අඳ බව ලබන ඇය ඉන් දින කිහිපයකට පසුව සිය ප්‍රථම අනාවැකිය සමගම ඇයට රෝග සුවකිරීමේ ගුප්ත බලයක් හිමිවූ බවත් කියනවා.

1996.අගෝ.11 වයස අසූහතරක්ව ඇය මෙලොව හැරදා යන තෙක්,ඇගේ ජීවිතේ සාරාංශය මෙසේ වුවත්, එහි සත්‍ය අසත්‍යතාව කෙසේවුවත්, ලෝ පුරා බොහෝ දෙනා අදහනවා ඇයට අනාවැකි කීමේ විස්මිත හැකියාවක් කියන බව. දෙවන ලෝක යුධය පටන් ගන්නට අර අඳින කාලයේදීම ඇය ඒ පිළිබඳව අනාවැකි කියූ බවද,මිනිසුන් මිලියන ගණනක් මියයන බවද කියා තිබෙනවා. එසේම, ඇය ජීවත්වූ දශක දෙකක් පිළිබඳව, සැප්තැම්බර් 11 ප්‍රහාරය ඇතුළුව, කියූ අනාවැකි බොහෝමයක් සත්‍ය වූ බව පිළිගත හැකිවීම පුදුමයට කරුණක්.අපි දැන් පය ගහලා ඉන්නෙ අති නවීන තාක්ෂණය, කෘතිම බුද්ධිය, රොබෝ සේවකයන් පවා උපයෝගී කරගන්නා නවීන විද්‍යාවේ අති දියුණු යයි සිතන වසරකටයි. මෙලොව ඇති සියල්ලම, ස්වභාව ධර්මය පවා විද්‍යාවට යටයි කියලා ඔලු හැදිච්ච යුගයක එක් සමයක් වූ 2020 සහ ඒ ආසන්න වසරවල් ගැන එතරම්ම උගත්කමක් නැති, දෑස් අඳ ඒ ගුප්ත අනාවැකි කියන්නිය කියූ චචන ඔබට අදහාගත නොහැකි වේවි.

ඇය 2020 ගැන කියූ වැදගත් දේ අතර..චීනය,ජපානය,පකිස්තානය සහ ඇලස්කාව විශාල රළ ප්‍රහාරයකට ගොදුරු වන බවත්,2004 සුනාමි තත්ත්වය වැනි 7.5 ධාරිතාව ඇති භූකම්පනයකින් 400 ක් පමණ දෙනා ආසියාවේ මියයන බවත්,විශාල ප්‍රමාණයේ උල්කාශ්මයක් රුසියාවට පතිත වන බවත්,බ්‍රිතාන්‍ය යූරෝපීය සංගමයෙන් ඉවත්වීම තුළ යුරෝපය දැඩි මූල්‍ය අර්බූදයකට පත්වන බවත්,සඳහන් අතර.......2021 රුසියානු නායකත්වය ඝාතන තැතක්ද, (ඝාතක තැත් කිහිපයකට මුහුණ දුන් අතිදක්ෂ බුද්ධි නිලධාරියකුද වූ මෙම අසහාය නායකයාගේ ආරක්ෂාව සඳහා නිරන්තරයෙන් Sniper Team එකක් ක්‍රියාත්මක වෙයි)

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා හඳුනා නොගත් රෝගයකින් පෙලීම,2023 වනවිට පෘථිවියෙහි ගමන් මග වෙනස්වීම මත ඇතිවන උග්‍ර වෙනස්කම්. ස්වභාව ධර්මය ආශ්‍රිත සම්පත් වන, ජල, පාරිසරික සහ කාළගුණික තත්ව දැඩි වියැවුලකට ලක්වීම,2100 වසර මිනිස් මොළය විසින් කෘතිම සූර්යයා නිපදවීම 2111 වනවිට මිනිසුන් රොබෝවරුන් බවට පත්වීම සහ එයින් මහලුබව, රෝගීවී මියයාම නැති වන බවද, නමුත් මෙසේ කෘතිම වීම තුළ ස්වාභාවික සම්පත් අවම වීම සමගම පෘථිවි විනාශය ආරම්භය, මිනිසුන් ගේ අඟහරු සංක්‍රමණය. පෘථිවි අඟහරු ග්‍රහයන් අතර යුද්ධය අවසානයේ 2183 පෘථිවියට සිය සම්පූර්ණ නිදහස ලැබෙන්නාවූ ක්‍රියාවලියේ ආරම්භය බවත් ඇයගේ අනාවැකි අතර තිබෙනවා.

මෙවැනි වියැවුල් ව්‍යසන සහ යුද්ධ අවසන 2271, Law of Physics ( ද්‍රවය ධර්ම ශාස්ත්‍රය ), සම්පූර්ණයෙන්ම වෙනස් කෙරෙන අතර, ඊට දශක කිහිපයකට පසු කාලතරණය සඳහා හැකියාවක් ලැබෙන බවද, එමනිසා මිනිස්වාසය නොමැති ග්‍රහයන් තරණයට තරඟකාරීත්වයක් ඇතිවන බවද කියයි. 3005 අඟහරු මත ලෝක යුද්ධයක් ඇති වන බවද ඇගේ අනාවැකි අතර තියෙනවා (මිනිසුන් කොතනද එතැන යුද්ධය අනිවාර්යය).

ඇගේ සියලුම අනාවැකි රින පැත්තට බරවෙද්දී, 4308 දී සැනසුම් සුසුමක් හෙලිය හැකි අනාවැකියක් පවසයි, එය, එදවසට ජීවතුන් අතර නැති,ඔබ අප කාගේත් අද දවසේ ප්‍රාර්ථනයයි.4308දී නරක නපුර මුළු ලෝකයෙන්ම සදහටම තුරන්වන බවය.මිනිසුන් නව පරිනාමණයකට ලක්වන බවත්, එය මිනිසුන් තුළ, සමගිය සමාදානය ආදරය සහිත නව ආචාර ධර්ම ක්‍රියාවලියක ආරම්භය බවත් මෙම අනාවැකි කියන්නිය පවසනවා. එහි ප්‍රතිථලය ලෙස,4599 දී මිනිසුන්ට අමරණීයත්වය අත්කරගතහැකි බවත්

වර්ෂ 5076දී විශ්වයේ අවසාන අදියරට එන බවත් එයින් වසර තුනකට පසු ලෝකයේ අවසානය සිදුවන බවත්ය.ඇය ලෝකය පිළිබඳව කියා ඇති අනාවැකි බොහෝ ඒවා ප්‍රසන්න නොවන නමුත්, චීනය පිළිබඳව නම් ඇය කියා අැත්තේ ඊළඟ ලෝක බලවතා චීනය බවයි. කෙසේවෙතත් මේවා ඇත්ත වෙයිද බොරුද කියා විස්වාස කරන්නට අප මැලි වන්නේ මේවා අනාවැකි නිසාය. ඇය, පමණක් නෙවෙයි නොස්ත්‍රදාමුස්ද මීට සමාන අනාවැකි කියා තිබෙනවා.(මට මතකෙට ආවේ ලංකාවේත් එහෙම බබා වැන්ගා වැන්නෙක් ඉන්නවා නේද කියලා )

විස්වාස කියන එක එකිනෙකාට වෙනස් වන අතර, අනාවැකි විස්වාස කරන නොකරන එකද එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නොදැකපු, අනාගතය ගැන අැය පවසා ඇති බොහෝ දෑ සත්ය වූ බවත්, කීවත් නොකීවත් පෘථිවිය අවතීර්ණ වී ඇත්තේ, සියල්ල වැනසී යන විපත්තිදායක සමයකට බවද අනාගතය පවා යහපත් වේ යයි සිතිය නොහැකි තත්ත්වයකට බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඈ සැප්තැම්බර් ප්රහාරය දැකි ආකාරයත් මදක් බලමු .."Horror, horror! The American brothers will fall after being being attacked by the steel birds. The wolves will be howling in a bush, and innocent blood will be gushing" නමුත්, බබා වැන්ගා කියන්නේ එතරම් උගත්කමක් නැති, අකුරු ලියන්නට බැරි, බ්රේල් ක්රමයෙන් සර්බ් බස මදක් කියැවිය හැකි තැනැත්තියක බවද, අැය මේ පිළිබඳව පොත් කිසිවක් ලියා නොමැති බවද, ඇය විසින් එදවස පැවසූ දෑ ඇගේ කාර්යාලීය සේවකයන් විසින්, අැය විසින් කීවා යයි කියන ලිඛිතව සාක්ෂි නැති අනාවැකි බවත් කිව යුතුයි. පසුව නම් ඇයගෙ ජීවන තොරතුරු සහ අනාවැකි ඇතුලත් පොත් බොහොමයක් ලියැවුණා. එහිදී ඈ සතුවූ වූවා යයි කියන අධිශක්තිය පිළිබඳව ලියැවුණු අතර, ඈ දැකි අනාගත වාක්ය අතර,

සෝවියට් සංගමයේ දෙදරීම,චර්නොබිල් ව්යසනය,ස්ටාලින් මරණය,Kursk රුසියානු සබ්මැරීනය ගිලාබත් වීම.
සැප්තැම්බර් 11 ප්රහාරය,උතුරු කොරියා ව්යාකූලත්වය ද වන බව කියන අතර සමහරු මෙය විස්වාස කරන්නේ නෑ.
වරක් 1976, යුගොස්ලාව් නිළියක සහ ගායිකාවකවූ Silvana Armenulic, සිය බල්ගේරියානු සංචාරයකදී වැන්ගා හමුවට ගිය බවත්, එය ඉතා අප්රසන්න අත්දැකීමක් බවත්, එහිදී වැන්ගා කිසිවක්ම නොකියා බොහෝ වෙලාවක් ඇයට පිටුපා ජනේලයෙන් පිටත බලාගෙන සිටි බවත්, දිගු වේලාවකට පසු,

" nothing, you do not have to pay, I do not want to speak with you, not now, go and come back in three months. (කිසිවක් නෑ, ඔබ මට ගෙවන්නට අවශ්ය නැ, මම ඔබට කතාකරන්නට කැමති නෑ. දැන් නෙවෙයි, තව මාස තුනකින් එන්න), ඇය කියූ බවත්, සිල්වානා හැරී යන්නට දොර අසළට යත්ම, වැන්ගා නැවත මෙසේ කීවාලු,
" නවතින්න! සමහරවිට ඔබට එන්නට බැරි වේවි! යන්න, යන්න, මාස තුනකින් එන්නට පුළුවන් වුනොත් එහෙම කරන්න". එදා සිල්වානා හට දැනුණු බිය සහ දුක ඇය වැන්ගා නිවසින් පිටවූයේ කඳුළින් නැහැවුණු දෙනෙතින් බවත්, ඇය ඉන් මාස දෙකකට පසු 1976.ඔක්.10, රිය අනතුරකට ලක්වී සිය සොයුරිය වූ මිර්ජානා සමග මියගිය බවත් සඳහන් වනවා. වැන්ගා ගේ අනාවැකිය කෙසේවෙතත් ඇගේ මරණය සිදුවන්නේ එලෙසටයි.

සැළකිය යුතුයි:අනාවැකි මත යැපෙමින් ජීවත්වීම නොව කළයුත්තේ, මෙවැන්නෝ මෙසේ කීවා නේදැයි දැනුවත්ව සිට, තමන්ගේ ජීවිතය පළදායි ලෙසද යහපත් ආචාර ධර්ම සහිතවද ජීවත් වීමයි.තවම 2012 ජීවත් වන අපට, 4599 දී ලබා ගත හැකි අමරණීයත්වය සැබෑ නොවන හීනයක්ම වන හෙයින්, මරණය කොයි මොහොතේ හෝ අප කරා එන බව දැනුවත්වී ඉන්න ටික කාලෙදී, කුහක,නපුරු, ආත්මාර්ථය දුරලා, සතුටින් ජීවත් වීමයි හොඳම දේ.

ලෝකය මවිත කර බබා වැන්ගා අනාවැකි ඇත්ත වෙන ලකුණු ලෝකය මවිත කර බබා වැන්ගා අනාවැකි  ඇත්ත වෙන ලකුණු Reviewed by gihan on March 22, 2020 Rating: 5

ගෑණුන්ට පුළුවන්ද එච්චර හරියක් කොරන්න?

March 22, 2020



අපේ පිරිමින් හැමදාමත් හිතන්නේ එහෙම ය. නමුත් මෙය කියවූ පසු, ගැහැනුන්ට කොච්චර දේවල් කරන්නට පුළුවන් දැයි, එවන් පිරිමින්ටත් හිතෙනවා ඇත.මේ කාන්තාවන් කළ කැප කිරීම ඔබට හෝ මට.. හිතා ගන්නටවත් පුලුවන්ද ...?ඔබේ කියවීමේ පහසුව සඳහා මෙහි ඉංග්‍රීසියෙන් ලියා ඇති දේ වඩාත් පැහැදිලි වන ආකාරයට නැවත මෙසේ ලියමි ..

"කොවිඩි 19 සම්බන්ධයෙන් කටයුතු කළ සෞඛ්‍ය අංශ වල වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වූ අතර,ඒ වෛද්‍යවරියන් සහ හෙදියන් හෙල්මට් සහ ආරක්ෂිත ආම්පන්න විශේෂිත ඇඳුම් භාවිතා කිරීමේදී සිදුවන අපහසුතාවය සලකා බලා,හිසකෙස් කොටට හෝ සම්පූර්ණයෙන් බූ ගෑමේ ආකාරයට කැපීමට තරම් පරිත්‍යාගශීලි වූහ.මේ අවස්ථාවේ තමාගේ බාහිර පෙනුමට වඩා ජාතික ආරක්ෂාවේ වැදගත්කම ගැන සලකා බලන්නට ඔවුහු තීරණය කරන්නට ඇත.

වරින් වර වැසිකිළි යාමට අපහසු නිසා සහ ආසාදිත පරිසරයට නිරාවරණය වීම තමා ඇතුලු බොහෝ දෙනෙක් ගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බැවින්, වැඩිහිටියන් අඳින ආකාරයේ ඩයිපර්ස් ඇඳගෙන දවස් ගණන් ගත කිරීමට ඔවුන්ට සිදු විය.මේ කාන්තාවෝ, නිරන්තරයෙන් සනීපාරක්ශක තුවා මාරු කිරීමට සිදු වීම රාජකාරියට බාධාවක් විය හැකි බැවින්, තම මාසික ඔසප් වීම ඖෂධ මගින් පාලනය කොට, කල් දමා ගැනීමට තරම් මානව හිතවාදී වූහ.

සොබා දහමට එරෙහිව යමින්, තාම බහිශ්‍රාවිය ක්‍රියා පවා හැකිතාක් පාලනය කරගෙන තමන් ගේ සේවයේ උපරිමයෙන් සිදුකළ / කරන ලෝ වාසී සෞඛ්‍ය සේවයට අයත් සියලු ම කාන්තාවන්ට අප සදා ගරු කළ යුතු වෙයි.මන්ද යත්කාන්තාව යනු සියුමැලි මෙන්ම දැඩි සත්වයෙකි.දුර්වල ලෙස පෙනුනද ඔවුන් ඔබ සිතන තරම් දුර්වලයෝ නොවෙත්.

මෙතැන දී ලොව පුරා සෞඛ්‍ය සේවයට අයත් පිරිමින් විසින් සිදු කරන සේවය කැප කිරීම ද සුළු කොට තැකිය හැකි නොවේ.නමුත් යලිත් අසමි.මේ කාන්තාවන් කළ කැප කිරීම ඔබට හෝ මටහිතා ගන්නටවත් පුලුවන්ද ?






(උපුටා ගැනීමකි.ඔවුන්ට ගෞරව කිරීම පිණිස පල කරමි.)
ගෑණුන්ට පුළුවන්ද එච්චර හරියක් කොරන්න? ගෑණුන්ට පුළුවන්ද එච්චර හරියක් කොරන්න? Reviewed by gihan on March 22, 2020 Rating: 5

රෝග වැළැක්වීමට මනසේ ශක්තිය යොදාගන්න පුළුවන්

March 22, 2020


රෝග වැළැක්වීමට, තවත් දේ කිරීමට මනසේ ශක්තිය කොතරම් ප්‍රයෝජනවත් වේද ?ලෝකයේ අපට දකින්නට සහ, දැනෙන්නට ඇති දේවල් ප්‍රධාන කොටස් දෙකකට ලඝු කල හැක. ඒ නම් මනස [Mind] සහ ද්‍රව්‍ය [Materials] වේ. මනස විසින් ද්‍රව්‍ය වෙනස් කල හැකි බවද, ද්‍රව්‍ය නිසා මනස වෙනස් වන බවද, පැහැදිළි කිරීමට ආගමක් අවශ්‍ය නොවේ. එය සාමාන්‍ය කෙනෙක්ට වුවද හැඟෙන, දැනෙන අවබෝධාත්මක දෙයකි.
එක්තරා ලෝක ප්‍රසිද්ධ හෘද රෝග විශේෂඥයෙක් කියා තිබුණු දෙයක් මෙහිදී සිහි වේ. …”ඔපරේෂන් තියටර් එකට එනවිටම, රෝගියා ජීවත් වනේද , නැද්ද යන්න ගැන මට කිව හැක”... හඬාගෙන දුකින් මුහුණ එල්ලා ගෙන එන්නේ නම්, ඔහු හෝ ඇය බොහෝ විට ජීවත් කිරීමට අපහසුය. ජීවත් වීමත් මරණයත් අතර සටනක් නොවුවද, මටද මේ ගැන කුඩා අත්දැකීමක් ඇත. එනම් මනසෙන් කල හැකි දේ, ශරීරයෙන් කෙරෙන දේට වඩා වැඩි හෝ ශරීරයට මනස මගින් විශාල බලපෑමක් කල හැකි බවය.
මා මුලින්ම රැකියාවක් සේ කලේ ගුරු වෘතිය විය. පාඨශාලා නිවාසාන්තර තරඟයකදී, ඒ එක නිවාසයක ප්‍රධානියා මා වූයෙමි. තරුණ නිසාත්, සිසු සිසුවියන් මා හොඳින් පාලනය කල නිසාත් එය මට ලැබෙන්නට ඇත. තරඟ වල දිනුම පැරදුම විනිශ්චය සඳහා නිවාස හතරේම ප්‍රධානීන් ඒ ඒ තරඟ ඉසව් නිරීක්ෂණය කල යුතු විය. ගැහැණු දුර පැනීම තරඟය සඳහා සහභාගී වූ මගේ නිවාසයේ සිසුවිය පළමු තරඟ වලින් දෙවන තැන ගන්නා බව පෙනිණ. මා ඇයගෙන් එය විමසූ විට ඇය මෙසේ කීවාය.
“එයා එක්ක මට දුර පනින්න බැහැ සර් ,...එයා අන්තර් පාඨශාලා තරඟ වලිනුත් දිනපු කෙනෙක්”.... මෙහිදී මා ඒ කියන දුර පැනීමේ වැඩි හැකියාව තිබුණු සිසුවිය, මගේ සිසුවියට වඩා කොතරම් දුරක් පැන තිබුණේදැයි බැලුවෙමි. එය අඟල් 6කටත් වඩා ඈත දුරකි. ඒ දුරට වඩා ඈතට පැනීම එතරම් පහසු නැත. එහෙත් මා සම්‍යක් ප්‍රයෝගයක් කලෙමි. මා, මගේ සිසුවියට මෙසේ කීවෙමි.
“දුව, ඔයා එයා තරම් ඈතට පැනලා නැහැ තමා … ඒත් දුරේ වෙනස අඟල් භාගයනේ…? ඕක පැන්නොත්,... ඔයා දින්නොත්, අපි නිවාසන්තරේ පළමු තැනට එනවා.
මගේ සිසුවිය අධෛයමත් වී තිබුනේ මේ සත්‍ය දුර වෙනස දුටු ඇයගේ යෙහෙළියන් ඇයට මේ බව කී නිසාය. නමුත් ඇය, ඇයගේ හිතවතියන්ට වඩා මා විශ්වාස කල හෙයින්දෝ, ඇයගේ මුහුණ මා එම බොරුව කී විට බොහෝ ප්‍රබෝධමත් විය. “ගුරුවරු බොරු කියන්නේ නැහැ”.. යයි ඇය අධි විනිශ්චයක සිටින්නට ඇත. අවසාන අවස්ථාවේ ඇය දුවගෙන විත් දුර පැනීම කල විට, ප්‍රතිඵලය විශ්මයකි. ඇය ඒ අනෙක් නිවාසයේ පළපුරුදු ක්‍රීඩිකාව පනින ලද දුරට වඩා අඟලක දුරක් ඈතට පැන තිබුණාය.
අපට ජය අත්විය. නිවාසය දිනු විට දරුවන් මා පිට්ටනිය වටා ඔසවා ගෙන ගියහ. මේ ලිපිය බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ පැරණි සිසු සිසුවියන් බලන්නේ නම්, ඔවුන්ට මේ සිදුවීම මතකයේ තිබෙනවා ඇත.
මහා ඇලෙක්සැන්ඩර් රජු වරක් රාත්‍රියේ ඔහුගේ භට හමුදාව පරීක්ෂා කරන්න යන අතරේ මුර කිරීමට සිටි භටයෙක් නිදා ගෙන සිටියේය. එහෙත් අඩි ශබ්දයක් ඇසී බලන විට රජු එන බව දුටු ඔහු කලබලව තුවක්කුව ඔසවා ගත්තේය. රජු එතනින් ගිය පසු තුවක්කුව බොහෝ බර බව අවබෝධ කරගත් ඔහු, ඒ කුමක්දැයි බලන විට එය සාමාන්‍ය තුවක්කුවක් නොව කාල තුවක්කුවක් බව දැන එය බිම අත හැරියේය. තුවක්කුව බිම වැටුණු විට ඒ ශබ්දය ඇසුණු අනෙක් භටයන් කලබල වී එතනට පැමිණි විට, එම භටයා කීවේ කාල තුවක්කුව කරට ගත් බවය. නැවත එය කරන්න කී විට එය කිරීමට ඔහුට නොහැකි විය.
ඔබටද මේ ආකාරයේ අත්දැකීම් තියෙන්නට පුළුවන.මේ සියළු සිදුවීම්, මනස විසින් අපේ ශරීරයට දෙන විධාන සහ එහි විශ්මය ජනක ප්‍රතිඵල වලට උදාහරණ වේ.අද දින අප සියල්ලන්ටම පොදුවේ අත් විඳින්නට වන කොරෝනා වසංගතයට මේ අයුරෙන්ම පිළිතුරු දීමට නොහැකි වේද ? සාමාන්‍ය සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරන අතරතුර සිතේ ශක්තිය වැඩි කර ගැනීමත්, සතුටෙන් කාලය ගත කිරීමත්, ඒ මාරාන්තික වෛරසයෙන් බේරීමට හේතු වෙන්නට බොහෝ ඉඩ ඇත. කවදා හෝ අප මිය යා යුතුය. මිය යනවා කියා දුකෙන් සිටීමට හේතුවක් තිබේද ? ...“මරණය නියතය - ජීවිතය අනියතය”....යන්න අවබෝධ කර ගැනීමට ආගම් අවශ්‍ය නැත.
“මොන සතුටක්ද ? ... “අතේ සතේ නැහැ” … කියා කෙනෙක් කියන්නට පුළුවන. නමුත් සතුට සහ ද්‍රව්‍යමය දේ තිබීම යන්න අතර කෙලින් සම්බන්දයක් නැත. සතුට පවත්නේ, ඇති වන්නේ අපගේම මනස තුලය. මේ ගැන කුඩා කතාවක් අසා ඇත්තෙමි.රජෙක් අසනීප වූයේ, කල හැකි සියළු දේ කලද ඒ අසනීපයෙන් මිදීමට නොහැකි විය. අසනීපය රජුගේ සියොළඟ කැසීම විය. රජ වාසලේ මහ වෙදනා කීවේ, මෙය ‘කරුම ලෙඩක්’ බවත්, මින් මිදීමට ලෝකයේ සිටින සතුටුම පුද්ගලයාගේ කමිසය රජු හැඳිය යුතු බවත්ය. රජෙකුට මේ පුද්ගලයා සොයා යෑම අපහසු නැති බව සිතු රජතුමා දස දෙස තම සේනාව යැව්වේ, ‘ලොව සතුටෙන්ම සිටින පුද්ගලයා ‘ සෙවීමටය.
භටයන් මුලින්ම ගියේ ධනවත් කමේ උපරිමයේ සිටි නැව් හිමියෙක් වෙතටය. කමිස දහස් ගණනක් රජුට දිය හැකි වුවද, ඔහු මේ වෙලාවේ සතුටෙන් නොසිටින්නේ, ඔහුගේ නැව් බොහොමයක් මුහුදුබත් වූ නිසා බව නැව් හිමියා කියන ලදී. මේ ආකාරයට භටයන් වසර කීපයක් ඒ අවශ්‍ය මිනිසා සොයා යන විට, කෙනෙක් වහළයක් උඩ මෙසේ සින්දුවක් කියමින් සිටියේය.“ලොව සතුටෙන්ම සිටින මිනිසා මමායි.භටයන් ඔහු වෙත ගොස් රජුගේ කතාව කී විට ඔහු කීවේ මෙයය.රජතුමාට උදව් කරන්න මා කැමතියි - එහෙත් මට කමිසයක් නැහැ”
ඉතින් මේ වෙලාවේ අපි හැමෝම තම තමන්ගේ මනස පිරිසිදු කරගෙන මානසිකව වැටෙන්නේ නැතුව  මනසෙන් කටයුතු කරන්න පුරුදු වෙනවනම් අපිට මේ රෝගය පාලනය කරගන්න පුළුවන් වෙයි.ඔබත් ඔබේ මනස ප්‍රබෝධවත්ව තියාගන්න විෂබීජ වලින් මනස විනාශ කරගතොත් මනසයි ගතයි දෙකම ලෙඩ වේවි .


රෝග වැළැක්වීමට මනසේ ශක්තිය යොදාගන්න පුළුවන් රෝග වැළැක්වීමට මනසේ ශක්තිය යොදාගන්න පුළුවන් Reviewed by gihan on March 22, 2020 Rating: 5

මී මැස්සා ලෝකයෙන් වඳ වී ගියහොත් මිනිස් ජීවය පවතින්නේ වසර 4ක් පමණයි

March 22, 2020


මිහිපිට ඇති වටිනාම සහ වැදගත්ම ජීවියා ලෙස මී මැස්සා නම් කරයි.ඇල්බට් අයින්ස්ටයින් පැවසුවේ මී මැස්සා ලෝකයෙන් වඳ වී ගියහොත් මිනිස් ජීවය පවතින්නේ තවත් වසර 4ක් පමණක් බවයි.මී මැස්සෙකු දෂ්ඨ කළොත් එය වේදනාබරය. නමුත් මී මැස්සා ලෝකයෙන් තුරන් වී ගිය කළක මිනිසා ට දැනෙන වේදනාව ඊට සිය දහස් ගණයකින් වැඩි වනු ඇත.ලෝකයට මී මැස්සාව එතරම් වැදගත් ය.

ලන්ඩනයේ රාජකීය භූගෝලීය සමාජය විසින් පැවති සංවාදයේදී ද අර්ත් වොච් ජාත්‍යන්තර ආයතනය විසින් මතු කලේ ලෝකයේ වඩාත් වැදගත් ජීවියා වන්නේ මීමැස්සා බවයි. එනමුත් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන්නේ මී මැස්සන් ලෝකයට අහිමි වන්නට සැරසෙන එනම් වද වීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින ජීවීන්ගෙන් අයෙක් බවයි.

නවතම අධයයනයන් විසින් පෙන්වා දෙන්නේ ලෝකයේ සිටි මී මැසි ගහණයෙන් 90%ක් පමණම මේ වන විට ලෝකයට අහිමි වී ඇති බවයි.මේ සදහා ලෝකයේ විවිධ කලාප වලින් විවිවධ හේතු හුවා දැක්විය හැකි බව මෙම අධ්‍යයන විසින්ම පෙන්වා දී ඇත. මේ අතර ප්‍රධාන හේතුව ලෙස මතු කර දක්වන්නේ වනාන්තර විනාශය හේතුවෙන් මී මැස්සන් සදහා සුදුසු වාසාස්ථාන වන මී වද බැදීම සදහා සුදුසු ආරක්ෂිත ස්ථාන නොමැතිවීමයි. ඒ හැරුණ විට ඔවුන් සදහා පැණි ලබා ගැනීමට මල් අවම වීම , පාලනය නොකළ හැකි පරිදි මිනිසා විසින් කෘමි නාශක භාවිතය, පසෙහි සිදුවන වෙනස් කම් ආදියද ලෝකයේ මී මැසි ගහණය වෙනස් වීමට බලපාන අනෙකුත් හේතූන්ය.

ලෝකය මී මැස්සා ලෝකයේ වැඩිම වටිනාකමක් ඇති සත්ත්වයා ලෙස පෙන්වා දී ඇත්තේ ඇයි? චිලී හී මී මැසි පාලනය පිළිබද ව්‍යවසායකත්ව සහ අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පෙන්වා දෙන්නේ මී මැස්සා යනු කිසිදු ආකාරයක දිලීර, වෛරස්, හෝ බැක්ටීරියා ආදී වූ කිසිදු රෝග කාරකයක් ප්‍රවේණිගත ලෙස ගෙන නොයන එකම ජීවියා ලෙසයි.

එමෙන්ම ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් සියයට 70 %ක් රදා පවතින්නේ මී මැස්සා හේතුවෙනි. එය තවත් ආකාරයකට කිවහොත් ලෝකයේ ආහාර වර්ග 100කින් 70කටම මී මැස්සාගේ මැදිහත් වීමක් ඇත. එමෙන්ම මී මැස්සා විසින් සිදු කරනු ලබන පරාගන ක්‍රියාවලිය ශාක වල ප්‍රතිනිශ්පාදව ක්‍රියාවලිය සදහා ඉඩ සළසයි. ඔවුන් නොමැතිවුවහොත් ලෝකයේ සත්වසංහතිය ඉතා ඉක්මණින් වියැකී යන්නට පටන්ගනු ඇත.මී මැස්සන් විසින් නිපදවනු ලබන මී පැණි ආහාර සුරක්ෂි ත කිරීමට පමණක් නොව මිනිසාගේ සෞඛ්‍යයට සහ සමට ඉතා වැදගත් වේ.

මී මැස්න් ලෝකයෙන් ඉතා ඉක්මණින් වද වී යා හැක්කේ කෙසේද? ස්විට්සර්ලන්තයේ තාක්ෂණය පිළිබද ෆෙඩරල් අධ්‍ය්‍යන ආයතනය විසින් අවධානරණය කරන්නේ ජංගම දුරකථන භාවිතය මී මැස්සන් වද වීමට එක් හේතුවක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන පරිදි දුරකථන ඇමතුම් අවස්ථාවලදී නිපදවෙන තරංග මගින් මී මැස්සාගේ දිශානතිය වෙනස් කරන බවයි. එනම් තමන් යා යුත්තේ කොහේටදැයි යන්න ඔවුන්ට සංවේදනය වන දිශාව දුරකථන තරංග මගින් වෙනස් කරන බවයි. එමගින් ඔවුන්ගේ ජීවිතය අනතුරට ලක් වේ.

වගා අස්වනු අවස්ථා වලදී සිදු කරන දුම් ගැසීම්ද මී මැස්සන් වද වීමට බලපාන තවත් හේතුවකි. කොලොම්බියාවේ 34%ක් මී මැස්සන් මිය ගොස් ඇත්තේ වගා බිම් වල භාවිතා කරන විෂ හේතුවෙනි.මී මැස්සන් ලෝකයට අහිමි වීම නවතා ගැනීම සදහා ක්‍රම වේදයක් පවතීද? මෙම ගැටළුව සදහා විසදුම් කිහිපයක්ම පවතී, එහි ප්‍රධානතම කරුණ වන්නේ වගා බිම් ආශ්‍රිතව සිදු කරනු ලබන විවිධ පුරුදු වෙනස් කිරීමයි. ඊට අමතරව යෝජනා කරන විසදුම් 3කි.

1 කෘමි නාශක වර්ග තහනම් කිරීම
2 සම්පූර්ණයෙන්ම ස්වාභාවික කෘෂිකාර්මික විකල්ප මාර්ගයන් යෝජනා කිරීම.
3 මී මැස්සන්ගේ ජීවන ක්‍රියාවලිය සහ ඔවුන්ට පවතින බලපෑම් ගන අධ්‍යයනයන් අඛණ්ඩව සිදු කිරීම
මී මැස්සා ලෝකයෙන් වඳ වී ගියහොත් මිනිස් ජීවය පවතින්නේ වසර 4ක් පමණයි  මී මැස්සා ලෝකයෙන් වඳ වී ගියහොත් මිනිස් ජීවය පවතින්නේ වසර 4ක් පමණයි Reviewed by gihan on March 22, 2020 Rating: 5

කළුතර බෝධින් වහන්සේ පිළිබඳ කිසිදා ඔබ නොවැසූ කතාවක්

March 22, 2020


කළුතර පූජනීය බෝධීන් වහන්සේ පිළිබඳ මෙම ඓතිහාසික තොරුතුරු කිහිපය ඔබ දන්නවාද?මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320 කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ.සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි.

සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. “ජෙරනිමෝ ද අසවේදෝ” නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය.

එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ “ගංගාතිලකය” නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත.මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ.කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ. ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට හේතු පාදක වූයේ කළුතර තිබූ වාණිජ වටිනාකමයි.
කළුතර 1796 දී ඉංග්‍රීසීන්ට අයත් විය. 19 සියවස අගදී මෙහි පැරණි බල කොටුවේ කුඩා කඳු ගැටය මුදුනේ ඔවුන් දිසාපති නිල නිවස ඉදි කළේය.

කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර “ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ” ගෙන් පැන නැගුනු වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ. එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 16 වන සියවසේ විදේශ බල කොටුවක් බවට පත්වූ වර්තමාන උඩ මළුව තුල මෙම බෝධීන් වහන්සේ ශත වර්ෂ 5ක් පමණ කලක් විරාජමානව වැඩ වසයි.

පහළ මළුවේ බෝධීන් වහන්සේ ක්‍රි.ව.1042ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. ඉන්දීය සම්භවයක් ඇති “වික්‍රම පාණ්ඩ්‍යය” නම් කුමාරයා සොළීන් ගෙන් මිදීමට දකුණට පලා යන ගමනේදී මෙම බෝධි අංකුරය රෝපණය කල බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ.ක්‍රි.ව. 1377දී කළුතර තෙක් දුම්රිය මාර්ගය දිගුවීමත් සමග ඉංග්‍රිසි ජාතිකයින් මෙය කපා දැමීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වී ඇත.

ක්‍රි.ව. 1921 දි බලපිටියේ වංශවත් පරපුරක් නියෝජනය කල නීතීඥ “ශ්‍රීමත් සිරිල් ද සොයිසා” නම් වූ යුග පුරුෂයා කළුතර අධිකරණයේ සේවයට පැමිණීම මෙම‍ ඓතිහාසික සිද්ධස්ථානයේ වත්මන් අසිරියේ පළමු අදියර වේ. 1921 වර්ෂයේ දී තවත් දානපතියන් හා ඵක්ව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට ඵතුමා විසින් පියවර ගෙන ඇත. 1939 වන විට පහත මළුවේ කුඩා චෛත්‍ය හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීම ආරම්භ කර ඇත.

1953 වන විට කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටවා ඇති අතර පසු කලෙක ඊට පහල හා උඩ මළුවේ හිමිකාරත්වය ලැබී ඇත. උඩ මළුවේ වන දැවැන්ත චෛත්‍යට මුල්ගල තබන ලද්දේ 1964 දී වන අතර, ඊට 1974 දී කොත් පැළදවා ඇත.මෙම සියළුම බෝධීන් වහන්සෙලාගේ නිරන්තර සෞඛ්‍ය තත්වය සොයා බැලීමට ඵ් සඳහාම විශේෂතා ඇති වෛද්‍යවරුන්ද යොදා තිබීම විශේෂත්වයකි. වර්තමානයේ එම කටයුතු සිදු කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්‍ෂ උද්භිත විද්‍යාඥ B. සුමිත්‍රාරච්චි මහතායි.

කළුතර බෝධි පරිශ්‍රයේ නම කියවෙත්ම “නීතීඥ ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නාමය අමතක කළ නොහැකියි. කළුතරට ඉමහත් සේවාවක් කළ මෙතුමාගේ සද්කාර්යන් අතර කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර විද්‍යාලය ඇරඹීම, කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කර අද ඇති තත්වයට පත් කිරීම, එම මාර්ගය සෑදීම, කතරගම වන්දනාවේ පැමිණෙන්නන්ට සුවිසල් විවේකාගාරයක් ඉදිකිරීම, ඇතුළු තවත් පුණ්‍යකර්ම රාශියකි. 1896-12-21 දී බලපිටියේ උපත ලැබූ එතුමා 1978-01-02 දින අභාවප්‍රාප්ත විය. එතුමාගේ පිළිරුවක් කළුතර බෝධි පරිශ්‍රයේ ඇති අතර එය 1986-02-23 දින නිරාවරණය කෙරිනි.
කළුතර බෝධින් වහන්සේ පිළිබඳ කිසිදා ඔබ නොවැසූ කතාවක් කළුතර බෝධින් වහන්සේ  පිළිබඳ කිසිදා ඔබ නොවැසූ කතාවක් Reviewed by gihan on March 22, 2020 Rating: 5

කාලකාරාම සූත්‍රය දේශනා කරන ලද කලුදිය පොකුණේ යටගිය ඉතිහාසය

March 22, 2020




කාල වර්ණ බුද්ධරක්ඛිත තෙර, කාල වර්ණය රජයන අමාවක දින, කාල තිඹිරි ගසක් මුල, කාලකාරාම සූත්‍රය දේශනා කරන ලද "කලුදිය පොකුණ"මිහින්තලය ප්‍රදේශයේ වන්දනාවෙහි, සංචාරයෙහි යෙදෙන ඔබ යා යුතුම, එහෙත් බොහෝ විට අවධානයට ලක් නොවන අතිශය සුන්දර, වැදගත් ස්ථානයකි කලුදිය පොකුණ.

මිහින්තලය ප්‍රධාන පූජා භූමියට ඇති පිවිසුම පසුකර A9 මාර්ගය ඔස්සේ ගල්කුලම දෙසට තවත් මීටර් හයසීයකට ආසන්න දුරක් ගමන් කිරීමෙන් අනතුරුව මෙම කලුදිය පොකුණ පුරාවිද්‍යා පරිශ්‍රයට ඉතාමත් පහසුවෙන් ළඟාවිය හැකිය.

අතිශය සුන්දර සහ නිහඬ පරිසරයක්ක් දක්නට ලැබෙන මෙහි පධානගරයන්, පොකුණක්, ස්ථූපයක්, ලෙන්, ශෛලමය ගොඩනැගිලි, ඇතුළු වෙනත් නිර්මිත ගොඩනැගිලි නටඹුන් රාශියක් දැකගත හැකිය. පිහිටි ස්වභාවික පරිසර පද්ධතිය මනාව උපයෝගී කොටගෙන නිර්මිත මෙම ඉදිකිරීම් අතර ශෛලමය පියස්සක් සහිත ගොඩනැගිල්ල සුවිශේෂී වේ. එසේම ස්වභාවික ගල් පර්වත මත ඉදිකර ඇති පධානගර ගොඩනැගිලිද ස්ථානීය පාරිසරික සුන්දරත්වය ඉස්මතු කරයි.

ස්ථානයේ සුවිශේෂීම අංගය වන පොකුණ, “කලුදිය පොකුණ” ලෙස හැඳින්වේ. විශාල ප්‍රමාණයේ පොකුණක් වන මෙහි ජලය කලු පැහැයෙන් යුතුව දර්ශනය වීම නිසා "කලුදිය පොකුණ" ලෙස හඳුවනුලැබේ. අවට ඇති ශාක වැස්ම සහ කඳු ශිකරයන්හි ඡායාව ජලය මතට වැටීම නිසා කාල වර්ණයෙන් යුතුව ජල පෘෂ්ඨය දර්ශනයවන බව පෙනේ.

මෙම කලුදිය පොකුණ හා සම්බන්ධයෙන් අපූරු පුවතක් සද්ධර්මරත්නාකාරයේ දක්නට ලැබේ. සද්ධාතිස්ස රජු හා සබැඳුනු මෙම පුවතට අනුව මිහින්තලය රාජගිරි කන්දෙහි වාසය කරන ලද කාල වර්ණයෙන් යුතු බුද්ධරක්ඛිත නම් තෙරණුවන් හට අංගුත්තර නිකායේ, කාලකාරාම සූත්‍රය දේශනා කිරීමට කැමැත්තක් ඇතිවිය. ඒ අනුව ඒ සඳහා අමාවක දිනයක්ද, ස්ථානය ලෙස වත්මනෙහි කලුදිය පොකුණ ලෙස හඳුන්වන මෙම භූමියයේ පිහිටි කලු තිඹිරි ගසක් මුලද ධර්මදේශනා කිරීමට තෝරාගන්නා ලදී.

ඒ අනුව කාල වර්ණ බුද්ධරක්ඛිත තෙර, කාල වර්ණය රජයන අමාවක දින, කාල තිඹිරි ගසක් මුල, කාලකාරාම සූත්‍රය දේශනා කරන ලද අතර එය ශ්‍රවණය කිරීමට සද්ධාතිස්ස රජුද පැමිණියේය. එසේ පැමිණි රජු තමාගේ පැමිණීම හේතුවෙන් ධර්මදේශනාවට බාධා පැමිණේයැයි සිතා හිටිවනම ධර්ම ශ්‍රවණය කරමින් මහත් වූ ශ්‍රද්ධා භක්තිය උපදවාගත් බව සඳහන් වේ.

රජු කෙතරම් පැහැදුනේද යත් ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව ලංකා රාජ්‍ය බුද්ධරක්ඛිත තෙරුන්ට පූජා කර ඇති අතර තෙරණුවෝ “රාජ්‍ය දෙකක ධූර දැරීම අසීරු කරුණක් යැයි ද, අපට උරුම හිමිකම් ඇත්තේ ධර්ම රාජ්‍ය පමණක් හෙයින් ලංකා රාජ්‍ය රජුට උරුමය” යැයි පවසා එම පූජාව උපේක්ෂාවෙන් යුතුව ප්‍රතිකේෂ්ප කර ඇත.

කලුදිය පොකුණ ආරණ්‍ය සේනාසනයද මීට යාබදවම ඇති අතර එම නිසාම මෙම ස්ථානය වඩාත් නිස්කලංක ස්ථානයක් බවට පත්ව තිබේ. මිහින්තලය පූජාභූමිය වන්දනා කරන ඔබත්, මෙම සුවිශේෂී කලුදිය පොකුණ ස්ථානය නරඹා සිත් ඔප කරවාගැනීමට අමතක නොකරන්න. එසේම එහිදී ස්ථානීය සුන්දරත්වය, නිහඬබව සහ ආධ්‍යාත්මික පරිසරය සුරැකීමට ද සිත් යොමුකල යුතුය.
කාලකාරාම සූත්‍රය දේශනා කරන ලද කලුදිය පොකුණේ යටගිය ඉතිහාසය කාලකාරාම සූත්‍රය දේශනා කරන ලද කලුදිය පොකුණේ යටගිය ඉතිහාසය Reviewed by gihan on March 22, 2020 Rating: 5
Powered by Blogger.