![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_waOVcu-GfIrGqo2FGLLquYrjlCH-O_afLx6g6hMOZg02GdCCeMgAk7Vc0XDVM7wk89sMUgDo4RLlMGBMAVPmmMgWYbdkeMGqhplsBMSD55QxhBsw-NrybVqZyX_PiGQxNZUl4pVACKEX/s1600/Video-Banner+%25281%2529.png)
මියයන විට ජයලලිතා ජයරාම් 68වන වියේ පසුවුණා. 6 වරක් තමිල්නාඩු මහඇමති ධුරය හෙබ වූ ජයලලිතා දකුණු ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් ඉටුකළ කාන්තාවක් ලෙස මෙන්ම ඉන්දු ලංකා රාජ්‍ය සබඳතාවලට සෘජුවම මැදිහත් වූ අයෙකු ලෙස ද ප‍්‍රකටයි.
ජයලලිතා ජයරාම් චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණේ හෘද්‍යාබාධයක් හේතුවෙන්. පසුව ඇයට ශල්‍යකර්මයක්ද සිදුකෙරුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlZcwtU4em28C1AHbM0F-EBLkjBIlE9doCXWyP8x-4CP23YsI16RGUZHXLIyaNbO1jxg9O9dfqk0rqUsFBPMahUFFMv597LpiyAMd9frQTTEoip0HkDZFFEQNBY7uXQ3xcZufecm1S_vmd/s640/news-www.nethnews.lk001.jpg)
මේ අතර ජයලලිතාගේ මරණය පිළිබඳ පුවත අසා අද අලූයම් කාලයේ පවා ඇගේ ආධාරකරුවන් අති විශාල පිරිසක් චෙන්නායි ඇපලෝ රෝහල අසල හැ~ූ කඳුළින් රැඳී සිටියා. ඔවුන් පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන කණ්ඩායම් පවා යෙදවීමටයි ප‍්‍රාන්ත බලධාරීන්ට සිදුවුණේ.
මේ අතර තමිල්නාඩු ප‍්‍රාන්තයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඕ පනීර් සෙල්වම් තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිඛෙනවා. ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ නායකත්වය ද ඔහුට පිරිනමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ජයලලිතා ජයරාම් අභාවප‍්‍රාප්ත වෙයි.
Reviewed by Unknown
on
December 05, 2016
Rating:
![ජයලලිතා ජයරාම් අභාවප‍්‍රාප්ත වෙයි.](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_waOVcu-GfIrGqo2FGLLquYrjlCH-O_afLx6g6hMOZg02GdCCeMgAk7Vc0XDVM7wk89sMUgDo4RLlMGBMAVPmmMgWYbdkeMGqhplsBMSD55QxhBsw-NrybVqZyX_PiGQxNZUl4pVACKEX/s72-c/Video-Banner+%25281%2529.png)
No comments: