
ප්‍රශ්නවලින් පැනලා ගිහින් ජීවිතේට මුහුණ දෙන්න කවදාවත් බැහැ. ඒත් අද හුඟක් අය ජීවිතේට ප්‍රශ්නයක් ආවම කරන්නේ ඒ ප්‍රශ්නෙට ඉක්මන්ම විසඳුමක් විදිහට ජිවිතේ නැතිකරගන්න එක.
හැඟීම්වලට වහල් වෙලා ඒ විදිහට ගන්න තීරණවලින් අන්තිමට දුක්වෙන්නේ තමන්ගේ අම්මා තාත්තා වගේම හිතවතුන්.
ඒ විදිහට ජීවිතේට ආපු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න බැරිවුණු අවුරුදු 20 ක තරු‚යක් ගෙලවැලලාගෙන ජීවිතේ නැතිකරගත්තු පුවතක් අපිට අනුරාධපුරය පැත්තෙන් අහන්න ලැබුණා.
අවුරුදු 20 ක් වුණු ඇගේ නම තමයි දිලි‚ දිල්ෂාරා.
පුංචි වයසෙදිම මේ විදිහට ජීවිතේ බරක්පතලක් තේරුම්ගන්න බැරිව ඇය ජීවිතේ දාලා ගිහින් තියෙන්නේ ගෙදර ප්‍රශ්නයක් නිසා කියලයි දිලිනිගේ යාළුවෝ අපිට කිව්වේ.
ඇයගේ සිරුර තාමත් තියෙන්නේ නොච්චියාගම රෝහලේ.
අම්මයි තාත්තයි, නංගිලා දෙන්නයි ඉන්න පවුලේ හැමෝගෙම ආදරය දිනාගත්තු දිලිනි හිතාගන්නවත් බැරි විදිහට කරගත්තු මේ වැඩේ ගැන කාටත් අභිරහසක්.
ඊයේ රෑත් මුහුණුපොතේ යාළුවෝ එක්ක චැට් කරලා හිතුවෙවත් නැති විදිහට දිලිනි ජීවිතේ නැතිකරගත්ත එක ගැන තාමත් එයාගේ යාළුවන්ට හීනයක් වගේ කියලයි ඔවුන් කියන්නේ.
ඒ වගේම තමන්ගේ මිතුරිය අකාලයේ වෙන්ව ගිය දුකට ඔවුන් මුහුණු පොත පුරාම සටහන් තබලා තිබුණේ මේ විදිහට.





මුවපුරා සිනහව රඳවා සිටි දිලිනි අභිරහසක් ඉතිරි කර අවසන් ගමන් යයි..!
Reviewed by Unknown
on
December 07, 2016
Rating:

No comments: