රහස් බෙහෙත් දන්නා ඇලි මුගටියාගේ විශ්මිත රහස


නයි මුගටි හටන ගැන ගැමියන් අතර තිබෙන්නේ එක එක මතයන්. ඇත්තෙන්ම මුගටියාට නයි විසෙන් බේරී සිටීමේ විශේෂ හැකියාවක් තිබේ යැයි සැකයක් විද්‍යාඥයන් අතර පවතිනවා. නොවැළැක්විය හැකි විදිහට දෙන්නා මුණගැසුණොත් මුගටියා රෝම පුම්බාගෙන සිරුර දෙගුණයක් විශාල කර, කඩිසරව එහා මෙහා පනිමින් නාගයාට පෙලඹවීමක් ඇති කරනවා තමන්ට දෂ්ට කරන්න. එහෙම කීපවරක් කළාම නයි විස අඩු වෙලා නයා හෙම්බත් වෙනවා. එතකොටම නයාගේ බෙල්ලට පැනලා මුගටියා හපනවා. ඒ ගමන්ම මුගටියා කැලේට දුවලා රහස් කොළ වර්ගයක් කනවා කියලා තමයි ගැමියන්ගේ වගේම සත්ත්ව විද්‍යාඥයන්ගේත් විශ්වාසය. නයි විෂවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇළි මුගටියාට තිබෙනවා කියලයි විශ්වාස කරන්නෙ. ඒ නිසා ඌ පැන පැන නයාව හපනවා. මේ ගැන තව විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.

රහස් බෙහෙත් දන්නා ඇලි මුගටියාගේ විශ්මිත රහස රහස් බෙහෙත් දන්නා ඇලි මුගටියාගේ විශ්මිත රහස Reviewed by lankaonline on November 26, 2018 Rating: 5

No comments:

Powered by Blogger.