මී උණ යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ සත්වාසාදන රෝගයකි. එමෙන්ම උණ. හිසරදය හා මස්පිඩුවල වේදනාව යන රෝග ලක්ෂණ ඇති වී වගාවේ යෙදෙන පුද්ගලයන්‍වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ. කුඹුරු වල, ජලය රැඳෙන වගාබිම් වල වැඩකරන විට, ගලානොයන දියකඩිති වල බසින විට අපේ ශරීරයේ කැපුම්, සීරීම්, හෝ තුවාළ හරහා බැක්ටීරියාව ශරීරගත වියහැක. සමේ ඇති පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා සීරීමක් හරහා වුවද මෙම බැක්ටීරියාව ඇතුළුවීම සිදුවේ. ගලා නොයන දිය කඩිති වල නෑමේදී ඇස්වල සහ නාසයේ ඇති සියුම් පටක හරහා ද බැක්ටීරියාව ශරීරගත වේ. මී මුත්‍රා මිශ්‍ර වූ ජලය පානය කිරීමෙන් හෝ එම ජලයෙන් මුව සේදීමෙන් වුවද රෝගය වැළඳේ. වාතයේ තෙතමනය වැඩි, වැසි කාල වලදී රෝගය වසංගතයක් ලෙස පැතිරීම සිදුවිය හැක. විශේෂයෙන්, ගංවතුර තත්ත්වයක් ඇතිවන විට, ගංවතුර ආශ්‍රිත ප්‍රදේශ වල මී උණ රෝගය පැතිරීම වැඩිවනු දැකිය හැක. මේ ගැන තව විස්තර දැනගන්න පහත වීඩියෝව් බලන්න.
මේ දවස්වල වැස්ස නිසා බහුලව පැතිරෙන ජීවිතය පවා නැති කරන මේ රෝගය ගැන ඔබ දැනුවත්ද
Reviewed by lankaonline
on
November 26, 2018
Rating:
No comments: