තාරාවන් නිසා කෝටිපතිනියක වූ තරුණියක් පිළිබ`දව යාපනයේ කොකුවිල් පොට්ටිපිඞ්ඩි ප‍්‍රදේශයෙන් තොරතුරු වාර්තාවෙයි.වයස අවුරුදු විසි නවයක් වූ රාජේන්ද්‍රම් ස්ටාලිනී නමැති මෙම තරුණිය වයස අවුරුදු එකොළහේදී යුද්ධයට මැදි වී උපන් පළාත අතහැර ගිය තරුණියකි. යුද්ධය හමාර වී ආපසු තමන් උපන් පළාතට පැමිණ කිසිම රැකියාවක් නොමැතිව සිටියදී අහම්බෙන් ආරම්භ කළ මෙම තාරාවන් ගොවිපළ නිසා අද ඇය යාපනයේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික තරුණියක් බවට පත්ව සිටින්නිය.
No comments: