(පක්ෂග්‍රාහි කවියක්)
යුධ වැදුණු හිත මිතුරු ආදර රැව්ලාන
දුටුවෙමි ඇවිත් අලුත් බිරිඳක් කැන්දාන
ඇරයුම් නොකලත් සිනහව මුව පුරවාන
සුභ පතනෙමි පාරෙම කඩු පොලු හංගාන.....
බැරියර් පෙලෙන් මෙහාට නුඹ ගහපු ගල
වැදුනත් ගලන්නට සගයගෙ රැධිර ගඟ
ඒ ගල අහුලගෙන ආපසු නුඹ වෙතට මම
නොගහපු හේතුව අද හෙට දැනගනියි නුඹ....
යුක්තිය සොයා මොර දෙනකොට ඇරන් කට
මතක නැද්ද නිහඬ උනා නුඹ ඉදිරියේ මම
දවසින් දවස නුඹෙ කැදැල්ල පිරෙන කොට
පිකටින් එකට එහයින් ලෝකය දකියි නුඹ...
මතු දවසක මව් පදවිය ලැබ ගන්න ඇය
එක්කන් යන මොහොතේ පිකටින් එකක් ලඟ
රෝහල වෙත යන්නට මග එලි පෙහෙලි කර
දෙන්නම් මිතුර ආණ්ඩුවේ මේ මුර බල්ලා මම...
මග අහුරා සා ගින්නේ පොඩි දරුවෝ ටික
අඬන අම්මලගේ නෙත උන්නා කඳුළු කැට
එදා නොදැක්කත් මගේ අදර මිතුරු සඳ
හෙට දකිවී සී.ටී.බි.යේ ජනෙලයෙන් නුඹ...
නුඹෙයි මගෙයි දරුවන්ගේ අයිතියත් නුඹ
තමයි රැක්කෙ නෑ ඒගැන තවත් සැක
තමන්ගේ අයිතිය රැකගන්නට අපි සෑම විට
අන් අයිතියක් බිලි ගන්නට අයිතියක් නැත....
මමයි නුඹයි හෙට නැති මුත් මහ පාර උඩ
හෙටත් හිඳී අපි වගෙ අය පාරේ සටන් වැද
කඳුළු වලින් බැරියර් උඩ පිපෙනා මලක් ගැන
කථා වෙමුද එකම රියේ එක අසුනේ වාඩි ගෙන
ධනංජය සෙනවිරත්න
පොලීස් මූලස්ථානය
යුධ වැදුණු හිත මිතුරු ආදර රැව්ලාන
දුටුවෙමි ඇවිත් අලුත් බිරිඳක් කැන්දාන
ඇරයුම් නොකලත් සිනහව මුව පුරවාන
සුභ පතනෙමි පාරෙම කඩු පොලු හංගාන.....
බැරියර් පෙලෙන් මෙහාට නුඹ ගහපු ගල
වැදුනත් ගලන්නට සගයගෙ රැධිර ගඟ
ඒ ගල අහුලගෙන ආපසු නුඹ වෙතට මම
නොගහපු හේතුව අද හෙට දැනගනියි නුඹ....
යුක්තිය සොයා මොර දෙනකොට ඇරන් කට
මතක නැද්ද නිහඬ උනා නුඹ ඉදිරියේ මම
දවසින් දවස නුඹෙ කැදැල්ල පිරෙන කොට
පිකටින් එකට එහයින් ලෝකය දකියි නුඹ...
මතු දවසක මව් පදවිය ලැබ ගන්න ඇය
එක්කන් යන මොහොතේ පිකටින් එකක් ලඟ
රෝහල වෙත යන්නට මග එලි පෙහෙලි කර
දෙන්නම් මිතුර ආණ්ඩුවේ මේ මුර බල්ලා මම...
මග අහුරා සා ගින්නේ පොඩි දරුවෝ ටික
අඬන අම්මලගේ නෙත උන්නා කඳුළු කැට
එදා නොදැක්කත් මගේ අදර මිතුරු සඳ
හෙට දකිවී සී.ටී.බි.යේ ජනෙලයෙන් නුඹ...
නුඹෙයි මගෙයි දරුවන්ගේ අයිතියත් නුඹ
තමයි රැක්කෙ නෑ ඒගැන තවත් සැක
තමන්ගේ අයිතිය රැකගන්නට අපි සෑම විට
අන් අයිතියක් බිලි ගන්නට අයිතියක් නැත....
මමයි නුඹයි හෙට නැති මුත් මහ පාර උඩ
හෙටත් හිඳී අපි වගෙ අය පාරේ සටන් වැද
කඳුළු වලින් බැරියර් උඩ පිපෙනා මලක් ගැන
කථා වෙමුද එකම රියේ එක අසුනේ වාඩි ගෙන
ධනංජය සෙනවිරත්න
පොලීස් මූලස්ථානය
පොලිස් තරුණයෙක් අධී පීඩන ප්රහාරක ජල බව්සරේ උඩ ඉඳගෙන අන්තරේ ලහිරුට ලියපු කවියක්...
Reviewed by piyumantha dissanayaka
on
June 24, 2019
Rating:

No comments: