ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා විසින් තමන්ට විරුද්ධව එල්ල කරනු ලබන චෝදනා ඔප්පු වුවහොත් තමන් පාර්ලිමේන්තුවෙන් මෙන්ම දේශපාලනයෙන්ද සමුගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. තමන්ට එරෙහි චෝදනා ඔප්පු කරන ලෙස විමල් වීරවංශ මහතාට තමන් අභියෝග කරන බවද හෙතෙම කියයි.
පසුගිය පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේදී දෙමටගොඩ ප්‍රදේශයේදී නිවෙසකදී මරාගෙන මැරුණු තැනැත්තිය තමාගේ මවගේ සහෝදරයාගේ දියණිය බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා විසින් තමා ත්‍රස්තවාදය හා සම්බන්ධ කරමින් පසුගිය 18 වැනි දින පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය චෝදනාවක් බව සඳහන් කරමින් රිෂාඩ් බදියුදීන් මහතා මේ බව සඳහන් කළේය. එලෙසම මෙය ඔප්පු කිරීමට විමල් වීරවංශ මන්ත්‍රිවරයාට නොහැකිවුවහොත් ඔහු දේශපාලනයෙන් සමුගනීවි යැයි තමා විශ්වාස කර බවද බදියුදීන් පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා,
“පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට තම අදහස් ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවේ නිදහස තියෙනවා. ඒත් චරිත ඝාතනය කරමින් ජාතීන් අතර වෛරය, කේරා්ධය පැතිරවීම සිදුකරන අසත්‍ය ප්‍රකාශ කිරීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට අගෞරවය කිරීමක්. ජාතීන් අතර අසමඟිය ඇති කිරීම සඳහා සිදුකර ගෙන යන මෙම කුජීත ක්‍රියාව මම තරයේ හෙළා දකිනවා. දේශපාලකයකුගේ වගකීම ජාතීන් අතර වෛරය, කේරා්ධය ඇති කර ඔවුන් අතර අසමඟියක් වර්ධනය කර ඡන්ද පදනමක් ගොඩනඟා ගැනීම නොවෙයි. මෙවැනි අවස්ථාවක රටට හිතකාමී දේශපාලනඥයකුගේ ප්‍රධාන වගකීම වන්නේ ජාතීන් අතර සමඟිය හා සහජීවනය ගොඩනැඟීම උදෙසා වැඩකටයුතු කිරීමයි. මෙවැනි වෛරී ප්‍රකාශ නිසා මා ඇතුළු මගේ පාක්‍ෂිකයන් ඥාතීන් ඇතුළු පිරිස දැඩි පීඩනයට පත්වෙනවා. අපිට අවශ්‍ය මේ පුංචි රටේ සමඟියෙන් හා සහජීවනයෙන් ජීවත් වෙන්න. කිසිදිනක අපි ත්‍රස්තවාදීන්ට උදවු කරලා නැහැ. කරන්නෙත් නැහැ. සියලුම ආගම්වල දර්ශනය අනුව කවදාහරි සත්‍ය ජය ගන්නවා කියන කතාව මම අවසානයේ මේ අයට කියන්න කැමැතියි“ යැයිද ප්‍රකාශ කළේය. ලක්‍ෂ්මී ජයකොඩි

මේ කුජීත ක්‍රියාව මම තරයේ හෙළා දකිනවා - රිෂාඩ් බදියුදීන්
Reviewed by piyumantha dissanayaka
on
June 25, 2019
Rating:

No comments: