විදුලිබල ඇමති මහින්දානන්දට මඩ ගහපු අයට වැඩ වරදී

ඇහැලේපොළ වලව්වේ මුස්ලිම් පාසලක් ඉදිකිරීම සදහා මහින්දානන්දා අලුත්ගමගේ මහතා එකග වී ඇති බවටත් එසේම ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහය පල කර ඇති බවට එම සමාජ මාධ්‍ය ජාලා තුල ප්‍රචාරය කර තිබුනා.

මේ පිලිබඳ දැඩ් අප්‍රසාදය සහ විරෝධය දක්වන විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දිනයේදී එම සියලුම සමාජ මාධ්‍ය ආයතන වලට විරුද්ධව වැරදි පුවත් ප්‍රචාරය කිරීමේ චෝදනාව මත රුපියල් මිලියන 100ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා. මේ පිලිබඳව දැඩිව ක්‍රියාත්මක වන බවත් මහනුවර ප්‍රදේශයේ කිසිම හේතුවක් මත මුස්ලිම් පාසලක් ඉදිනොකරන බවත්, ඒ සදහා කිසිම හේතුවක් මත අවස්ථාවක් ලබා නොදෙන බවත් එතුමා ප්‍රකාශ කර සිටියා.

 එතුමා මේ පිලිබඳව ප්‍රකාශ කලේ අද දිනයේදී මේ සිද්දිය සම්බන්ධව මාද්‍ය සකච්චාවක් විදුලි බල අමාත්‍යාංශයේ දී පවත්වමිනි .

මෙම සිද්දිය පසුගිය ජනාධිපතිවරනය සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ක්‍රීයාකාරිව ක්‍රියා කල සමාජ මාධ්‍ය ආයතන ප්‍රචාරය කල අසත්‍ය පුවතක් බවත්. වර්තමානය වන විට දේශපාලන වාසී ලබා ගැනීමට නැවත එය ප්‍රචාරය කර තිබෙන බවත් ප්‍රකාශ කර සිටියා. මෙවැනී පටු දේශපාලන ක්‍රීයා සිදු නොකරන ලෙසටත් අර්ථවත් ලෙස දේශපාලනය කරන ලෙසත් මෙහිදී රාජ්‍ය අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියා.



රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා යවන ලද එන්තරවාසිය



විදුලිබල ඇමති මහින්දානන්දට මඩ ගහපු අයට වැඩ වරදී විදුලිබල ඇමති මහින්දානන්දට මඩ ගහපු අයට වැඩ වරදී Reviewed by Gossip Lanka News on January 29, 2020 Rating: 5

No comments:

Powered by Blogger.