උද පන්දුව අල්ල ගන්න බැරි වුනාම මම බය හොඳටම වුනා

මෑතකදී සමාජජාල ඔස්සේ වැඩිම විවේචනයට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයා වූ කුසල් මෙන්ඩිස් එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති තරගයේදීද ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ලබාගත යුතුව තිබූ උඩ පන්දුවක් මිඩ්විකට් කලාපයේ පන්දු රකිමින් සිට බිම හෙළීමත් සමඟ යළිත් සමාජජාල තුළ කතාබහට ලක්වුවත් නුවන් ප්‍රදීප් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කුසල් එම අපවාදයෙන් යම් පමණකට මුදාගන්නට සමත් විය

ඒ පිළිබඳ අදහස් දැක්වූ කුසල් “එම තරගය පරාජය වූවානම් දෝෂාරෝපණය කෙළින්ම මට එල්ල වෙන නිසා උඩ පන්දුව ගිලිහුණාම මම ටිකක් බයවුණා. නමුත් නුවන් අවසන් කඩුල්ල දවාගත්තම මම සතුටු වුණා” යනුවෙන් පැවැසීය. කෙසේ වෙතත් එම තරගයෙන් අනතුරුව මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම පැසසුමට ලක්කළ මෙන්ඩිස් ප්‍රකාශ කර සිටියේ ක්‍රිකට් දිවියට සමුදීමෙන් පසුව මාලිංග ශ්‍රී  ලංකා පුහුණු කාර්ය මණ්ඩලය සමඟ එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මෙන්ඩිස් “මාලිංග කියන්නේ විශිෂ්ටයෙක්. මම ඔහුව දන්න කාලෙ ඉඳලා ඔහු විශිෂ්ටයෙක්.

මාලිංග විවිධාංගීකරණය වූ පන්දු යැවීමක් සහිත පන්දු යවන්නෙක් වගේම විස්සයි-20 තරග බොහොමයකට ක්‍රීඩා කර තිබෙන හොඳ පන්දු යවන්නෙක්. එමෙන්ම හොඳ විශ්වාසයකින් යුත් තරග දිනවන පන්දු යවන්නෙක්” යනුවෙන් පැවැසීය.

මේ අතර ලසිත් මාලිංගගේ පන්දු යැවීම පිළිබඳ අනාවරණයක්ද කළ මෙන්ඩිස් “මම දැල් ආවරණ තුළ පුහුණුවීම් කරද්දි මාලිංගගේ පන්දුවලට මුහුණ දෙන්න කැමැති නැහැ. ඔහු වේගය අඩාල කළ පන්දු, වැඩි ඉපිලීමක් සහිත පන්දු, යෝකර් පන්දු යොමු කරනවා. මම බලාපොරොත්තු වෙනවා ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගත්තට පසුවත් ශ්‍රී  ලංකා වේග පන්දු යවන්නන් සමඟ ඉඳීවි කියලා. ඔහු සැමවිටම පන්දු යවන්නන්ට කතා කරලා ඔවුන් තුළ විශ්වාසය ඇති කරනවා. අපේ පන්දු යැවීමේ බළඇණියේ නායකයා මාලිංගයි” යනුවෙන් සඳහන් කළේය.
උද පන්දුව අල්ල ගන්න බැරි වුනාම මම බය හොඳටම වුනා උද පන්දුව අල්ල ගන්න බැරි වුනාම මම බය හොඳටම වුනා Reviewed by piyumantha dissanayaka on June 25, 2019 Rating: 5

No comments:

Powered by Blogger.