ලංකාවම ගොඩ ගන්න පුළුවන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නොදැකපු කතාව .

"ඕන කරන අඩුම කුඩුම ගන්න පිට යන්න ඕනේ වුනේ නැහැ. බීජ ගොවිපල වෙනම තිබුනා. ගොවිපලවල කුකුලො, එළුවො, එළවළු බෝග වගා කෙරුවා. අමතර බෝග අංශය කියලා තිබුණා. මෙතන සුපර් මාකට් එකක් තිබුණා. බේකරිය තිබුණා, කඩ තිබුණා, වෙනම බස් තිබුණා යන්න."

මේ විස්තර කරන්නේ මීට වසර තිහකට පමණ ඉහතදී අභාවයට ගිය එවක සෝවියට් දේශයට අයත්ව තිබූ 'චර්නොබිල්' න්‍යෂ්ටික බලාගාරය පිහිටි 'ප්‍රිප්යාත්' නගරයේ එදා පැවති තත්ත්වය නොවේ.

බලන්න අද මේකට වෙලා තියන දේ. මේක කාලයක් නොනිදන නගරයක්. කන්තලේ වැව් බන්ට් එකට ගිහාම මේකේ එලිය වෙනම පෙන්වා. විදුලිය නිෂ්පාදනය කළේ ඉවත දාන උක් දඬුවලින්
"බැංකුවක් තිබ්බා, වෛද්‍ය මධ්‍යස්ථානයක් තිබ්බා. තැපැල් කන්තෝරුවක් තිබ්බා. සමාජශාලා දෙකක් තිබ්බා. නැතුව තිබ්බේ පිචර් හෝල් එකක් විතරයි."...

Video


ඉහත දැක්වෙන්නේ දැනට වසර හතළිහකට පමණ පෙර කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සහ පැවති සශ්‍රිකත්වය පිළිබඳ එහි දැනට ඉතිරිව සිටින සේවකයන් දක්වන අදහස්ය. හපා ඉවතලූ උක් පිඬක් යළි රස කරන්නාක් මෙන් කන්තලේ ජනතාව සීනි කම්හලේ අතීතය තවමත් තළු මරමින් සිහි කරති. කන්තලේ නගරයෙන් හැරී සීනි කර්මාන්ත ශාලාව වෙත වැටී ඇති මග අද අබලන්ව ගොස්ය. මුර කපොල්ලෙන් ඔබ්බට ඇති ඇළ මාර්ගයේ වතුර සිඳී ගොසිනි. ඈතින් පෙනෙන වල් බිහි වූ වැවක දිය නාන ළමුන් පිරිසක් දිස්වේ. කැඩී බිඳී ගිය මාර්ගයේ ඇවිද එන ගැමියෙකු ඉඳ සිට හමුවෙයි.

 අවසානයේ මා, කලක් නොනිදන නගරයක්ව පැවති කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමිය වෙත ළඟා වුනෙමි. වසා ඇති ප්‍රධාන දොරට්‍රුවේ කම්බි අතරින් එදා ප්‍රතාපවත් ලෙස නැගී සිටි කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල දිස්වේ. ප්‍රධාන දොරටුවට පසෙකින් පිහිටි ආරක්ෂක කුටියේ හිඳ සිටි කීප දෙනෙක් මා දැක ඉන් පිටතට පැමිණියහ. ඔවුන් කර්මාන්ත ශාලාවේ දැනට ඉතිරිව සිටින ආරක්ෂක නිලධාරීන් ඇතුළු සේවකයන් පිරිසකි. සීනි කර්මාන්ත ශාලාවේ අද තත්ත්වය පිළිබඳ වාර්තාවක් සැකසීමේ අරමුණින් මා එහි පැමිණි බව පැවසූ විට ලැබුනේ උදාසීන පිළිතුරකි. "ෆැක්ටරියට ඉබ්බ දාලා තියෙන්නේ. ඇතුල් වෙන්න බැහැ. පිටින් විතරයි බලන්න පුළුවන්."

ලංකාවම ගොඩ ගන්න පුළුවන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නොදැකපු කතාව . ලංකාවම ගොඩ ගන්න පුළුවන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නොදැකපු කතාව . Reviewed by Gossip Lanka News on January 23, 2020 Rating: 5

No comments:

Powered by Blogger.